දේශීය පුවත්

රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැවරොෆ් මහතා අද (14) පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී ඒකාබද්ධ මාධ්‍ය සාකච්ජාවකට එක්වුණේ ය.

එහිදී ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකා යුද හමුදාවට අවශ්‍ය අවි ආයුධ අඛණ්ඩව සැපයීමට කටයුතු කරන බවය.

දෙදින සංචාරයක් සදහා අද අලූයම දිවයිනට පැමිණි ඔහු පෙරවරුවේ විදේශ සබදතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවුණේ ය.

මෙහිදී මාධ්‍ය සාකච්ජාවකට එක්වෙමින් රුසියානු විදේශ කටයුතු ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේ දෙරට අතර ද්වීපාර්ශවික වෙළදාම ඉහළ නැංවීමට කටයුතු කරන බවය.

ජගත් සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන වලදී රුසියාව සමග එක්ව කටයුතු කිරීම පිළිබදව රුසියානු විදේශ කටයුතු ඇමතිවරයා මෙහිදී සිය ස්තුතිය පළකර සිටියේ ය.

42 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් සමග දිවයිනට පැමිණි රුසියානු විදේශ අමාත්‍යවරයා අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ද මුණ ගැසීමට නියමිතව තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More