එළඹෙන මාර්තු 06 වැනිදා ශ්‍රී ලංකාවේදී ආරම්භ වන නිදහස් කුසලාන පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරඟාවලියෙන් ඉන්දිය නායක විරාත් කෝලි හා ජේෂ්ඨපිතිකරු මහේන්ද්‍ර සිං දෝනි විවේක ගන්වා තිබේ.
ඒ අනුව තරඟාවලියේදී ඉන්දිය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම රෝහිත් ෂර්මා වෙත පැවරී ඇති අතර ආරම්භක පිතිකරු ෂිකර් ධවාන්ට උපනායකත්වය ලබාදී ඇත.
මේ අතර මෙම සංචිතයේ වෙග පන්දු යවන ක්‍රිඩක බුවනේෂවර් කුමාර් ජස්ප්‍රිට් බුම්රා දඟපන්දුයවන ක්‍රිඩක කුල්දිප් යාදව් හා හර්ඩික් පාණ්ඩ්‍යාද විවේක ගන්වා ඇති අතර මොවුන්ගෙන් හිස්වන කණ්ඩායමේ ස්ථානවලට දීපක් හුඩා, වොෂිංටන් සුන්දර්, විජේ ශංකර්, මොහොමඩ් සිරාජ් අතුළත්වී තිබේ. එමෙන්ම අතිරේක කඩුලු රකින්නෙකු ලෙස රිෂාබ් පන්ටිද කණ්ඩායමට එක්වී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...