ව්‍යාපාරික පුවත්

එළවළු මිල අඩුවෙයි

January 14, 2020 8:04 am | Lanka Lead News

කැරට්, ලීක්ස් හැර අනෙකුත් එළවළු මිල ක්‍රමක්‍රමයෙන් පහළ යමින් තිබෙන බව විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළෙඳුන්ගේ සංගමය සඳහන් කරයි.

රුපියල් දෙසීය ඉක්මවා අලෙවි වූ වම්බටු, බීට්, ගෝවා, කිලෝවක තොග මිල රුපියල් එකසිය විස්සත් එකසිය පනහත් දක්වා පහත වැටී තිබෙන බව එම සංගමයේ ජාතික සංවිධායක එච්.එම්. උපසේන මහතා පැවසීය.

රුපියල් පන්සිය ඉක්මවා අලෙවි වූ අමුමිරිස් කිලෝවක තොග මිල රුපියල් දෙසියපනහ දක්වා අඩු වී තිබෙන බවත්, රුපියල් සීයකට ආසන්න මිලකට අලෙවි වූ වට්ටක්කා කිලෝවක තොග මිල මේ වනවිට රුපියල් පනහ දක්වා අඩු වී තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.

එහෙත් කැරට් හා ලීක්ස් කිලෝවක තොග මිල රුපියල් තුන්සිය පනහ ඉක්මවා ගොස් තිබෙන බවත්, එම එළවළු ආර්ථික මධ්‍යස්ථානවලට හා මැනිං වෙළෙඳ පොළට ලැබීම පොදුවේ 70%ත් 75%ත් අතර ප්‍රමාණයකින් අඩු වී තිබෙන බවත් පවසා සිටි ජාතික සංවිධායකවරයා, මීට අමතරව සිල්ලර වෙළෙඳුන්ගේ මිලදී ගැනීමත් 75%ත් 80%ත් දක්වා පහත වැටී තිබෙන බවද සඳහන් කර සිටියේය.

ඉදිරි කාලයේදී කැරට්, ලීක්ස් ඇතුළු සියලු එළවළු තොග ලැබීම විශාල ලෙස ඉහළ යා හැකි බවත්, මේ නිසා එම එළවළු ගබඩා කර අවශ්‍යතාව අනුව භාවිතයට ගැනීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවත් හෙතෙම පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More