වැඩ තහනමකට ලක්කර සිටින විදුලිබල මණ්ඩල වෘත්තිය සමිති නියෝජිතයන් 06දෙනා දින 14ක් තුළ වහාම සේවයේ පිහිටු විය යුතු බව සංස්ථා මණ්ඩල අධිකාරි වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි.
විදුලිබල මණ්ඩලයේ පවතින දූෂණ වංචාවලට එරෙහිව හා වැටුප් විෂමතාවන්ට එරෙහිව වෘත්තිය ක්‍රියාමාර්ග දියත් කිරීම නිසා මෙම වෘත්තිය සමිති නියෝජිතයන්ගේ වැඩ තහනම් කර තිබෙන බවද එම එකමුතුවේ කැඳවුම්කාර මණ්ඩල සාමාජික සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයේ ලේකම් සේපාල ලියනගේ මහතා සඳහන් කළේය.
දින 14ක් තුළ ඔවුන් නැවත සේවයේ පිහිටුවීමට කටයුතු නොකළහොත් වරාය, ජලසම්පාදන, ටෙලිකොම්, ඛනිජ තෙල් ප්‍රවාහන බැංකු වෘත්තීය සමිති සමග එක්ව වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කිරීමට පියවර ගන්නා බවද හෙතෙම පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...