ව්‍යාපාරික පුවත්

ජපානය සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගනිමින් ඉදිරියටත් ක්‍රියා කරන බව ජපාන රාජ්‍ය අමාත්‍ය කොසෝ යමමොතෝ(Kozo Yamamoto)  මහතා පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහාතා සහ කලාපීය පුනරුදය පිළිබඳ ජපාන රාජ්‍ය අමාත්‍ය කොසෝ යමමොතෝ(Kozo Yamamoto)  මහතා අතර ජනාධිපති කාර්යාලයේ දී අද (13) පැවති හමුවේ දී මේ බව සඳහන් කෙරිණ.

වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාවේ ආරක්ෂාව තහවුරු වී ඇත.

එමෙන්ම ආර්ථිකය  ගොඩනැගෙමින් පවතී.

එවන් පසුබිමක ජපන් ව්‍යාපාරිකයන්ට ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා සුබදායී පරිසරයක් ගොඩනැගී ඇතැයි  යමමොතෝ මහතා සඳහන් කළේය.

ආරක්ෂාව, යටිතල පහසුකම්, කර්මාන්ත සහ වෙනත් බොහෝ ක්ෂේත්‍ර පිළිබඳව ජපානය ප්‍රවීණත්වයක් උසුළයි.

එම අත්දැකීම් සමග ශ්‍රී ලංකාවේ ගමන් මගට අත්වැලක් සැපයීමට ජපානයට හැකි බව ජපාන රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

2015 ට පෙර මෙරට පැවති 7% ක ආර්ථික වර්ධන වේගය බිඳ වැටී ඇති ආකාරය ජනාධිපතිතුමා යමමොතෝ මහතාට පැහැදිළි කර දුන්නේය.

එය ගොඩනැගීම තමා ඉදිරියේ ඇති ප්‍රධාන අභියෝගයක් බව ජනාධිපතිවරයා පැවසීය.

උසස් තාක්ෂණයෙන් යුත් එකලස් කිරීමේ කාර්මාන්තයන්හි ආයෝජන අවස්ථාවන් මෙරටට ලබාදෙන ලෙස ද ජනාධිපතිවරයා ජපාන රජයෙන් ඉල්ලීමක් කළේය.

ජපාන ව්‍යාපාරික ප්‍රජාව අතර ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමට ක්‍රියා කරන බව ජනාධිපතිවරයාගේ ඉල්ලීම පිළිගනිමින් කොසෝ යමමොතෝ මහතා කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More