දේශීය පුවත්

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයට අයත් මහජනබැංකුව, ලංකා බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව, ඇතුළු රාජ්‍ය බැංකු 06ක් මුදල් අමාත්‍යංශය යටතට ගැනීමට සූදානම්වන බව දේශපාලන අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තා වේ.

රාජ්‍ය බැංකු මුදල් අමාත්‍යංශයට අයත් වියයුතු බව මංගල සමරවීර අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙන බව වාර්තා වේ.ඒ සඳහා යම් මාධ්‍ය මෙහෙයුමක්ද ආරම්භ කර තිබෙන බවද දැනගන්නට ඇත මේ සම්බන්ධයෙන් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කර තිබෙන බවද වාර්තා වේ.

මේ ගැන අග්‍රාමාත්‍ය රනිල් විකුමසිංහ මහතාගේ තීරණය තවම ප්‍රකාශවී නොමැත. නව අමාත්‍ය මණ්ඩල සංශෝධනවලට අදාළ වන ආයතන සම්බන්ධයෙන් ගැසට් නිවේදනය තවත් දින දෙකකින් පමණ ප්‍රකාශ වීමට නියමිතයි.රාජ්‍ය බැංකු කුමන අමාත්‍යංශයට අයත්ද යන්න එවිට දැනගත හැකිය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More