පුරවැසි කොලම

එප්පාවල පොස්පේට් කර්මාන්තයට දැන් ග‍්‍රහ මාරුවක් සිදුවිය හැකි සංක‍්‍රාන්ති සමයක් උදාවී ඇත. පොස්පේට් කර්මාන්තය පටන් ගත්දා සිටම ආණ්ඩුවක් මාරුවන විට බලධරයාගේ අසුනට අලූත් කෙනෙකු පැමිණීම සාමාන්‍ය සම්ප‍්‍රදායක් වී තිබේ. පුරා වසර විස්සක පමණ කාලයක සිට එප්පාවල පොස්පේට් කර්මාන්තයට සමීප වී එහි වංහුං සොයාගත් මාධ්‍යවේදියකු හැටියට එහි යථාර්ථය රටේ හා ජාතියේ යහපත පතා වර්තමාන රජයට හඳුන්වා දීම යුතුකමක් ලෙස සලකන්නේ යළිත් එප්පාවල පොස්පේට් කර්මාන්තයට නව සභාපතිවරයකු පැමිණෙන මොහොත උදාවී ඇති හෙයිනි.

එප්පාවල පොස්පේට් කර්මාන්තය විධිමත් රාජ්‍ය ආයතනයක් හැටියට ගොඩනැ`ගුණේ 1975 දී පමණය. එදා සිට මේ වනතුරු එප්පාවල පොස්පේට් ආයතනයේ සභාපති තනතුර දහ දෙනෙකු විසින් දරා ඇත.

මේ දහදෙනාගෙන් එක් අයකු හැර සෙසු සියලූ දෙනා දේශපාලන දොරටුවෙන් පැමිණි අයයි. වර්තමාන කර්මාන්ත අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ද සිව්වැනි සභාපති ලෙස පොස්පේට් ආයතනයට පැමිණ දෙවසරක් පමණ සභාපති තනතුරේ රැුඳී ඇත.

දේශපාලන පාට ගාගෙන දේශපාලන දොරටුවෙන් පැමිණි ඇතැම් අය එප්පාවල පොස්පේට් නිධිය ගැන අෙ`දා් සංසාරයක් දන්නේ නැත. ඔවුන් පැමිණිදා සිට කළේ දේශපාලන හයිය පෙන්වාගෙන දේශපාලන ගුරාගේ ඕනෑ එපාකම් අනුව පොස්පේට් කර්මාන්තයට රක්‍ෂාවල් දී සේවකයන් පිරවීමය. පසුගිය රජය පොස්පේට් කර්මාන්තය භාර ගන්නා විට ආයතනයේ සේවක මණ්ඩලය 330 ක් පමණ සිටි අතර ඒ ප‍්‍රමාණයත් ආයතනයට අතිරික්තයක් වී තිබියදීම තවත් සේවකයන් 19 ක් පමණ එම රජයේ විෂය භාර අමාත්‍යවරයා විසින් පත්වීම් ලබාදී ආයතනයට එවන ලදී. දැන් සේවක මණ්ඩලය 349 ක් පමණ සිටිති. මේ සේවක පිරිස ඵලදායක ලෙස සේවයට යෙදවීමේ ගැටලූව නිසා මෙයින් වැඩි දෙනා දෛනික අනියම් වැටුප් ක‍්‍රමය යටතේ සේවයේ යොදා එකක් ලෙස පැවති මුර සේවා මුර දෙකක් බවට පරිවර්තනය කර ඇත. පසුගිය කාලය මුළුල්ලේ පොස්පේට් ආයතනය භාරගත් ඇමැතිවරුන් හැම දෙනාම පාහේ කරන ලද්දේ තමන්ට දේශපාලන වශයෙන් ඇප උපකාර කළ මිනිසුන්ට පොස්පේට් ආයතනයේ රක්‍ෂාවල් ලබාදීමය. 2001 දී මෙම ආයතනයේ සිටි සේවක මණ්ඩලය 124 ක් පමණ විය. දැන් 349 කි. මේ හැම දෙනාම පුරවා ඇත්තේ ඒ ඒ වකවානුවල පොස්පේට් ආයතනය භාරගත් ඇමැතිවරුන් විසිනි. ඔවුන් හැම දෙනාම කළේ එප්පාවල පොස්පේට් ආයතනය රැුකියා සපයන ස්ථානයක් බවට පත්කර ගැනීම පමණි. එප්පාවල පොස්පේට් ආයතනය දේශපාලකයන්ගේ රැුකියා තිප්පලක් යැයි කීම වැරදි නැත.

යටකී පරිදි මෑත යුගයේ පොස්පේට් ආයතනය භාරව සිටි එජාපයේ ඇමැතිවරයා ඔහුගේ පාක්‍ෂිකයන් 19 දෙනකුට පමණ පොස්පේට් ආයතනයේ රැුකියා ලබාදුන් අතර ඊට පෙර පැවැති පූට්ටු ආණ්ඩුවේදී පොස්පේට් ආයතනය භාරව සිටි අමාත්‍යවරයා ප‍්‍රාදේශීය සභා මැතිවරණයේදී තලාව ප‍්‍රාදේශීය සභාවට තරගකොට පරාජයට පත්වූ ශ‍්‍රීලනිප අපේක්‍ෂකයන් බහුතරයට එප්පාවල පොස්පේට් ආයතනයේ රැුකියා අවස්ථා සලසා දෙන ලදී. මේ අන්දමට ඇමැතිවරුන් සිය සගයන්ගෙන් එප්පාවල පොස්පේට් ආයතනය පිරවූවා හැර රටට වැඩදායක වන පරිදි පොස්පේට් ආයතනය සංවර්ධනය කිරීමට කිසිදු පියවරක් ගත්තේ නැත. ඔවුන් විසින් පොස්පේට් ආයතනයට පත්කළ පාට තවරාගත් සභාපතිවරුන් ගෙන් වැඩිදෙනා පුස්සෝය. එම සභාපතිවරුන් කරන ලද්දේද වරදාන හා වරප‍්‍රසාද අඩුවක් නැතිව භුක්ති විඳිමින් තමන්ගේ සාක්කු පුරවා ගැනීම පමණි. මෙම දේශපාලන බඩගෝස්තරය නිසා පසුගිය වසර පනහක කාලය පුරාවට පොස්පේට් ආයතනය තිබුණ තැනම පල්වෙමින් රටට දුගඳ හමාගියා මිස රටට යහපතක් නම් සිදුවූයේම නැත. මේ කාලය තුළ එප්පාවල පොස්පේට් ආයතනය තැන්පතුවක් ලෙස හම්බකරගෙන ඇත්තේ රුපියල් මිලියන 312 ක් පමණි. මොවුන්ගේ වසර පනහක කෙරුවාව මෙයින් සිතා ගැනීමට පුළුවන. ඇතැම් මාසවල සේවකයන්ද 349 කට නිෂ්පාදන අලෙවියෙන් වැටුප් ගෙවා ගැනීමට බැරිවන තැන යටකී තැන්පතුව බැංකුවේ ඇපයට තබා අයිරාවක් ලබාගෙන වැටුප් ගෙවූ අවස්ථා විරල නැත.

ඒ ඒ වකවානුවල පොස්පේටය බදාගත් ඇමැතිවරුන් විසින් පත්කරන ලද සභාපතිවරුන් දහ දෙනාගෙන් වැඩි දෙනා කෙතකට බැඳි පඹයන් සේ විය. එයින් තිදෙනෙකු පමණක් පොස්පේට් කර්මාන්තය රටට වැඩක් වන පරිදි කිසියම් සංවර්ධනයක් කිරීමට වෙහෙස විය. ආයතනයේ සිව්වැනි සභාපතිවරයා ලෙස ටික කලකට පත්වූ වර්තමාන කර්මාන්ත රාජ්‍ය ඇමැති දයාසිිරි ජයසේකර මහතා හර්ප් (හයිරොක් පොස්පේට්* නමින් අධි ශ්‍රේණියේ පොස්පේට් හඳුන්වාදීමට කටයුතු කරන ලදී. ආයතනයේ පස්වැනි සභාපතිවරයා ලෙස පත්වූ මහාචාර්ය රසායන විiාඥ චන්දන උඩවත්ත මහතා පොස්පේට් ආයතනය රටට වැඩදායක වනසේ එස්. එස්. පී. (සිංගල් සුපර් පොස්පේට්* පොහොර නිපදවීමේ අත්හදා බැලීම් කරනු ලැබ එම එස්. එස්. පී. පොහොර වර්ගය එප්පාවල පොස්පේට් වලින් නිපදවිය හැකි බව සනාථ කළේය. එම පොහොර වර්ගය මේ රටේ වී, එළවළු හා අතිරේක බෝග වගාවන්ට සුදුසු බවට කරන ලද පර්යේෂණවලින් සනාථ වී තිබුණි. එම පොහොර නිෂ්පාදන ව්‍යාපෘතිය පුළුල් ලෙස කරගෙන යෑමට එවකට පැවති රජයේ අනුග‍්‍රහය ලැබුණේ නම් මේ වන විට පිටරටවලින් ආනයනය කරනු ලබන ටී. එස්. පී. පොහොර (ත‍්‍රිපල් සුපර් පොස්පේට්* වෙනුවට විකල්පයක් ලෙස එප්පාවල නිෂ්පාදිත එස්. එස්. පී. පොහොර යොදා ගැනීමට හැකිවූයේ නම් එක් පැත්තකින් කෘෂිකර්මය ආශ‍්‍රිත ගොවි ජනතාව අතර පැතිරෙන වකුගඩු රෝගය පාලනය කිරීමට හැකිවන අතර තවත් පැත්තකින් ටී. එස්. පී. පොහොර සඳහා අවුරුදු පතා පිටරටවලට ඇදීයන බිලියන ගණන් විදේශ විනිමය රඳවා ගැනීමට ඉඩ තිබිණ.

n7 1පොස්පේට්වල පවතින විෂකාරකය ‘කැඞ්මියම්’ නමින් හැඳින්වේ. මෙම කැඞ්මියම් විෂකාරකය ආනයනික ටී. එස්. පී. පොහොරවල බහුල ලෙස පවතින බව රසායන විiාඥයන් හඳුනාගෙන ඇති අතර එප්පාවල පොස්පේට්වල මෙම විෂ කාරකය පවත්නේ සියයට දශම .005 ක් පමණ බව රසායන විiාඥ මහාචාර්ය චන්දන උඩවත්ත මහතා විසින් හඳුනාගෙන තිබුණි. වකුගඩු රෝගය කැන්දන් එන ආනයනික ටී. එස්. පී. පොහොරවලට වඩා එප්පාවල එස්. එස්. පී. පොහොර අපේ රටේ ගොවිතැනට යෝග්‍ය වන්නේ ඒ නිසාය. මෙම උසස් තත්ත්වය නිසා එවකට පොස්පේටය භාරව සිටි ඇමැතිවරයා ‘එප්පාවල පොස්පේට් කන්ද’ රටට ධනය උපදවන ‘රත්තරන් කන්දක්’ හැටියට හඳුන්වා දෙන ලද නමුත් අනූව දශකයේදී එවකට බලයේ සිටි ජනාධිපතිවරිය එප්පාවල පොස්පේට් නිධිය ඇමෙරිකාවේ මැක්මෝරන් සමාගමට අලෙවි කිරීමට කැසපට කවාගෙන දැ`ගලූ නිසා එස්. එස්. පී. පොහොර නිෂ්පාදන වැඩසටහන අඩාල විය. පර්යේෂණ මගින් එස්. එස්. පී. පොහොර නිෂ්පාදනය හඳුන්වා දුන් රසායන විiාඥ මහාචාර්ය චන්දන උඩවත්ත මහතාටද පොස්පේට් සභාපති පුටුවෙන් නැගිට යන්නට සිදුවිය.

පොස්පේට් නිධිය රැුකගැනීමේ කමිටුව මගින් මෙම නිධිය මැක්මෝරන් ග‍්‍රහණයෙන් මුදා ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ අතර මෙම නිධිය පිටරටවලට විකිණීම අධිකරණය මගින් සපුරා තහනම් කරන ලදී. මේ නිසා එවකට සිටි ජනාධිපතිනියට පොස්පේට් නිධිය මැක්මෝරන් සමාගමට විකිණීමේ අදහස අත්හැර දමන්නට සිදුවූ අතර මැක්මෝරන් සමාගමද පසුබැස්සේය.

මෙයින් පසු බලයට පත්වූ සභාපතිවරු පෙර සිටි සභාපතිවරුන් සේම පොස්පේට් ගල් කුඩුකර වසරකට මෙටි‍්‍රක් ටොන් පනස් දහසක් පමණ මේ රටේ තේ, පොල්, රබර් පොහොර නිෂ්පාදනය කරන බහුජාතික සමාගම්වලට විකිණීම කරගෙන යන ලදී. තේ, පොල්, රබර් පොහොර සංයුතියේ 72% ක් පමණම පවතින්නේ එප්පාවල පොස්පේට් වුවත් රටට අවශ්‍ය මෙම වැවිලි කර්මාන්ත පොහොර ටිකවත් එප්පාවලින් නිපදවා දීමට පොස්පේට් සභාපතිවරු උනන්දු වූයේ නැත. ඔවුන් කළ සභාපතිකම පොස්පේට් ගල්කුඩු බහුජාතික සමාගම්වලට විකිණීමට සීමා විය. ඔවුන් බහුජාතික සමාගම් සමග හාදවී පොස්පේට් ගල් කුඩු ඔවුන්ට සපයා දුන්නා මිස දේශයේ ආර්ථිකයට ශක්තියක් වන පරිදි එප්පාවල වැඩබිමේදී වැවිලි පොහොර නිපදවීමට නිකමටවත් සිතුවේ නැත. වරක් එක් ඇමැතිවරයකු ‘රත්තරන් කන්දක්’ යැයි සඳහන් කළ පොස්පේට් නිධිය බොල් කන්දක් බවට පත්ව ඇත්තේ එය භාරව සිටි පුස්සන් නිසාය.

මීට පෙර ජනාධිපති ලෙස කටයුතු කළ මෛත‍්‍රිපාල සිරිසේන මහතා කලක් එප්පාවල වි.සේ.ස. සමිතියේ සේවය කළ නිසා එප්පාවල පොස්පේට් නිධිය ගැන හොඳින් දැන සිටියේය. එප්පාවල පොස්පේට් නිධියට සිදුවී ඇති වින්නැහිය ගැන අවබෝධයෙන් සිටි ජනාධිපතිවරයා මේ සම්පත රටට වැඩදායක වනසේ ප‍්‍රතිසංවර්ධනය කිරීමට, පොස්පේට් නිධිය ගැන හොඳින් දන්නා ප‍්‍රදේශයේම අයෙකු වූ ජනාධිපති නීතිඥ කරුණාරත්න හේරත් මහතා පොස්පේට් නිධියේ සභාපතිවරයා ලෙස මාස හත අටකට පෙර පත්කරනු ලැබීය. ඔහු පොස්පේට් සභාපති පුටුව භාරගත් දා සිටම ඔහුට කරන්නට සිදුවූයේ පොස්පේට් බිමේ මුල්බැස පැවති කුණුකන්දල් ශුද්ධ කිරීමය.

‘ටෙන්ඩර් මගඩිය’ ගසා කෑ එක් ඉසව්වක් විය. පොස්පේට් පිරවීමට වසරකට බෑග් ලක්‍ෂ 12 ක් පමණ ටෙන්ඩර් ක‍්‍රමය හරහා මිලදී ගනී. 2018 වසරේ ටෙන්ඩර් හරහා බෑගයක් මිලදී ගෙන ඇත්තේ රුපියල් 54.50 ටය. 2019 දී වර්තමාන සභාපති මිලදී ගෙන ඇත්තේ බෑගයක් රුපියල් 42.50 ටය. එක් බෑගයකින් රුපියල් 12 බැගින් බෑග්් ලක්‍ෂ දොළහකින් රුපියල් එක් කෝටි හතළිස් හතර ලක්‍ෂයක් සාක්කුවලට වැටී පොස්පේටයට පාඩු සිදුවී ඇත. රුපියල් මිලියන හතළිහකට මිලදී ගෙන ඇති චීන ගල් ඇඹරුම් යන්ත‍්‍රය වැඩකට නැතිව දිරාපත් වෙමින් පවතී. පසුගිය වසරේ වැදගත් ලිපිගොනු තැන්පත්ව තිබූ ලේඛනාගාරය හිටිහැටියේ රාත‍්‍රි කාලයේ ගින්නෙන් දැවී ගියේය. මේ සියලූ සිදුවීම් තුළ සැ`ගවී ඇත්තේ ¥ෂණයන් බව දැනට අමාත්‍යාංශය මගින් සහ අනුරාධපුර නියෝජ්‍ය පොලිස්පති මගින් කෙරෙන පරීක්‍ෂණවලින් එළිදරව් වී ඇති බව සභාපති කරුණාරත්න හේරත් මහතා සඳහන් කළේය.

මේ අන්දමට පොස්පේට් ආයතනයේ නාය යන තැන් හඳුනාගෙන ඒවා ශුද්ධ පවිත‍්‍ර කර ගැනීමෙන් පසු ජනාධිපති නීතිඥ කරුණාරත්න හේරත් මහතා පොස්පේට් ආයතනය රටට ඵලදායක වන තත්ත්වයට ගොඩනැ`ගීමට පියවර ගනු ලැබීය. මෙහිදී කළ යුතුම වූ රටට පිරිමහින වැදගත්ම සංවර්ධන පියවර වූයේ පිටරටින් ආනයනය කරන විෂකාරක සහිත ටී.එස්.පී. මිල අධික රසායනික පොහොර වෙනුවට විකල්පයක් වශයෙන් එප්පාවල පොස්පේට් නිධියෙන් එස්. එස්. පී. පොහොර නිෂ්පාදනයට මුලපිරීමය. විශාල විදේශ විනිමයක් වැයවන එසේම වකුගඩු රෝගය කැන්දන් එන විදේශීය ටී. එස්. පී. පොහොර වෙනුවට දේශීය ගොවිතැනට පිරිමහින එස්. එස්. පී. පොහොර එප්පාවල පොස්පේට් නිධියෙන් නිපදවීමට සභාපතිවරයා මුලපිරීය.

මෙය සුවිශේෂී ව්‍යාපෘතියකි. මේ සඳහා ප‍්‍රථමයෙන්ම අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගැනීමෙන් පසු ව්‍යාපෘතිය ස්ථානගත කිරීමට කැලෑබදට වන්නට අක්කර විස්සක ඉඩමක් රජයෙන් ලබාගත් සභාපතිවරයා ඊළ`ගට මේ සඳහා වැයවේ යැයි ගණන් බලා ඇති රුපියල් මිලියන 900 ක ප‍්‍රාග්ධනය භූවිiා පතල් කැණීම් දෙපාර්තමේන්තුවෙන් ලබා ගැනීමට එම ආයතනය සමග ගිවිසුම් ඇතිකරගෙන තිබේ. මෙම ව්‍යාපෘතියට අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය ශිල්පීය ඥානය මහාචාර්ය රසායන විiාඥ චන්දන උඩවත්ත මහතාගෙන් සහ පරන්තන් රසායන ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි තිස්ස ලියනගේ මහතාගෙන් මෙම ජාතික මෙහෙවරට නිර්වේතනිකව ලැබීමට ගිවිස ගෙන ඇති බව සභාපතිවරයා පැවසීය.

මේ වන විට එස්. එස්. පී. පොහොර නිෂ්පාදන ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සියලූ කටයුතු පෙළගැසී ඇත. 2020 වසර තුළ අනුරාධපුර, පොළොන්නරුව, කුරුණෑගල ප‍්‍රදේශවල ගොවීන්ට එස්. එස්. පී. පොහොර ලබාදීමට සැලසුම් කර ඇත. 2021 දී මීට අමතරව අම්පාර සහ පුත්තලම දිස්ති‍්‍රක්කවලටද 2022 දී මුළු දිවයිනටද එප්පාවල එස්. එස්. පී. පොහොර බෙදාදීමට සැලසුම් කර ඇත.

එප්පාවල පොස්පේට් නිධිය රටේ පොහොර නිධානය බවට පත්කිරීමේ අධිෂ්ඨානයකින් වැඩ පටන්ගත් සභාපති ජනාධිපති නීතිඥ කරුණාරත්න හේරත් මහතා ගෝඨාභය රජයේ සභාපතිවරුන් පත්කිරීමේ පොදු ප‍්‍රතිපත්තිය යටතේ දැන් පොස්පේට් පුටුවෙන් නැගිට රජයේ තීරණ තීන්දු එනතුරු පැත්තකට වී බලා සිටී.

එප්පාවල – රත්න බී. ඒකනායක



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More