ව්‍යාපාරික පුවත්

මහා භාණ්‌ඩාගාරයේ පුරප්පාඩුව පැවති නියෝජ්‍ය භාණ්‌ඩාගාර ලේකම් තනතුරු දෙක සහ එහි තවත් දෙපාර්තමේන්තු 13 ක්‌ සඳහා නව ආයතන ප්‍රධානීන් පත් කළ බව මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිර්දේශය මත අමාත්‍ය මණ්‌ඩලය විසින් අනුමත කරන ලද එම පත්කිරීම්වලට අදාළ ආයතන ප්‍රධානීහු පසුගිය ජනවාරි 08 වැනිදා මුදල් අමාත්‍යාංශයේදී එම ධුරවල වැඩ භාරගත්හ.

මේ අනුව දැනට රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල් ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ පළමු පන්තියේ නිලධාරියකු වන පී. අල්ගම මහතා සහ ශ්‍රී ලංකා සැලසුම් සේවයේ විශේෂ පන්තියේ නිලධාරියකු වන ආර්. එම්. පී. රත්නායක මහතා නියෝජ්‍ය භාණ්‌ඩාගාර ලේකම්වරු වශයෙන් වැඩ භාරගත්හ.

එසේම ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ පන්තියේ නිලධාරියෙක්‌ වන කේ. ඒ. විමලේන්දිරරාජා මහතා වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් වශයෙන් ද ශ්‍රී ලංකා සැලසුම් සේවයේ විශේෂ පන්තියේ නිලධාරියෙක්‌ වන ආර්. එච්. ඩබ්. ඒ. කුමාරසිරි මහතා ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් වශයෙන් ද ශ්‍රී ලංකා සැලසුම් සේවයේ විශේෂ පන්තියේ නිලධාරිනියක්‌ වන කේ. ජී. කේ. විමලවීර මෙනවිය සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් වශයෙන් ද ශ්‍රී ලංකා සැලසුම් සේවාවට අයත් විශේෂ පන්තියේ නිලධාරියෙක්‌ වන ඩී. ඒ. පී. අබේසේකර මහතා විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් වශයෙන් ද ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පළමු පන්තියේ නිලධාරිනියක්‌ වන එස්‌. එච්. ඩී. කළුතන්ත්‍රි මහත්මිය කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල් වශයෙන් ද ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ පළමු පන්තියේ නිලධාරිනියක්‌ වන කේ. ඩී. ආර්. ඔල්ගා මහත්මිය රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල් වශයෙන් ද පත්කර ඇත.

ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවයේ පළමු පන්තියේaa නිලධාරියෙක්‌ වන ආර්. එම්. ඒ. රත්නායක මහතා භාණ්‌ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්‌ෂ ජනරාල් වශයෙන් ද

ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ පළමු පන්තියේ නිලධාරියෙක්‌ වන පී. ඒ. සුසන්ත අතුලකුමාර මහතා රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල් වශයෙන් ද ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ පළමු පන්තියේ නිලධාරිනියක්‌ වන ඡේ. සී. වැලිගමගේ මිය රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල් වශයෙන් ද ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පළමු පන්තියේ නිලධාරියෙක්‌ වන ජූඩ් නිලුක්‌ෂන් මහතා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල් වශයෙන් ද ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පළමු පන්තියේ නිලධාරියෙක්‌ වන ඒ. විමුක්‌ති ජනාධර මහතා මහා භාණ්‌ඩාගාරයේ තොරතුරු තාක්‍ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල් වශයෙන් හා ශ්‍රී ලංකා සැලසුම් සේවයේ පළමු පන්තියේ නිලධාරියකු වන ආචාර්ය කපිල සේනානායක මහතා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල් වශයෙන් ද අමාත්‍ය මණ්‌ඩලය විසින් පත්කර ඇත.

රාජ්‍ය සේවය කාර්යක්‍ෂම කිරීමේ නව රජයේ ප්‍රතිපත්ති යටතේ මෙම සියලු පත්කිරීම් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිර්දේශ අනුව සිදුකර ඇති අතර නව ධුරවල වගකීම් භාරයක්‌ ලෙස සලකා රාජකාරී ඉටුකරන මෙන් මෙම නව පත්වීම් ලැබූ සියලු ආයතන ප්‍රධානීන් වෙත උපදෙස්‌ ලබාදී ඇති බව ද එම අමාත්‍යාංශය පවසයි.

ඉහත එම දෙපාර්තමේන්තුවල මෙතෙක්‌ සේවය කළ නිලධාරීන් සුදුසු පරිදි තනතුරුවල ස්‌ථානගත කිරීම සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත අමාත්‍ය මණ්‌ඩල උපදෙස්‌ පරිදි අනුයුක්‌ත කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More