ව්‍යාපාරික පුවත්

2019 වසරෙන් පසු ලංකාවට ලෝක බැංකුවෙන් හෝ ආසියානු සංවර්ධන බැංකුවෙන් සහනාධාර නොලැබෙන බවට දැනුම්දී ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ඉන් පසුව එළැඹෙන තත්ත්වයට රට මුහුණදෙන ආකාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කොට සැලසුම් හැදීමට තමා බලා‍පොරොත්තු වෙන බවද අගමැතිවරයා සඳහන් කළේය.

අගමැතිවරයා මේ බව සඳහන් කළේ අධිවේගී මාර්ග සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි. මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව සඳහා කැබිනට් අනුමැතිය ලද ජපානයේ ටයිසෙයි සමාගම මුලින් ඉදිරිපත් කළ මිලට වඩා බිලියන 25ක් අඩුවෙන් එම ව්‍යාපෘතිය ලබාදීමට හැකිවූ බවද රනිල් වික්‍රමසිංහ මහතා කීවේය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අලුත්ම වෙනස්කම් මෙන්න

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත...


Read More

ගෝඨාභය ගැන තායිලන්තයෙන් නිවේදනයක්

ගෝඨාගේ ඉල්ලීමට තායිලන්තය අවසර දෙයි ශ්‍රී ලංකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තය වෙත පැමිණීමට අවසර ඉල්ලීමක් සිදුකර ඇති බව තා...


Read More

ජනපති රනිල්ගෙන් අනුර කුමාරට ලිපියක්

අනුර කුමාරගෙන් බලාපොරොත්තු වන දේ ජනපති කියයි ජාතික සර්වපාක්ෂික වැඩපිළිවෙළ සඳහා රට වෙනුවෙන් සහයෝගය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ජනාධිප...


Read More