දේශීය පුවත්

මේවන විට ආන්දෝලනයකට ලක්ව ඇති “හතේ අපේ පොත” නැමැති ග්‍රන්ථය පිළිබද අවසන් තීරණයක් ගැනීම සදහා ලබන ජනවාරි 21 වෙනිදා විශේෂ රැස්වීමක් කැඳවීමට තීරණය කර තිබේ.

එම රැස්වීම සඳහා අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි කැඳවීමට පාර්ලිමේන්තුවේ අධ්‍යාපන සහ මානව සම්පත් සංවර්ධනය පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව සහ කාන්තා සහ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව අද තීරණය කර ඇත.

පාර්ලිමේන්තුවේ අද පැවති මෙම කමිටුවල ඒකාබද්ධ රැස්වීමට මහා සංඝරත්නය, විශේෂ වෛද්‍යවරුන්, විශ්ව විද්‍යාල මහාචාර්යවරුන්, අධ්‍යාපනඥයින්, ජාතික ළමාරක්ෂණ අධිකාරියේ නිලධාරීන් මෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

මෙහිදී අදහස් දැක්වු විද්වතුන් බොහෝ දෙනෙක් ළමා වියේදීම නවයොවුන් දරුවන්ට ලිංගික අධ්‍යාපනයක් ලබා දිය යුතු බව පෙන්වා දුන් අතර මේ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ විශ්ව විද්‍යාල විසින් සිදුකළ සමීක්ෂණ රැසක තොරතුරුද ඉදිරිපත් කර ඇත.

ඒ අනුව “හතේ අපේ පොත” නැමති ග්‍රන්ථය නැවත පාසල්වලට නිකුත් කළ යුතු බවට යෝජනා වූ අතර මේ සම්බන්ධව අවසන් තීරණය ලබන 21 වෙනිදා ගැනීමට නියමිතව ඇත.

මෙම පොත සම්බන්ධව විවේචන එල්ල කළ මහා සගරුවනට ද එදින රැස්වීම සඳහා ආරාධනා කිරීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මාධ්‍ය අංශය වැඩිදුරටත් නිවේදනය කර සිටියේය.

සබැඳි පුවත්

දරුවන්ගේ හිත් දූෂණය කරන ‘‘හතේ අපේ පොත‘‘ තහනම් කරන්න – මැඳගොඩ අභයතිස්ස හිමිගෙන් ඉල්ලීමක් (Video)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More