විදේශ පුවත්

ඉන්දීය ආරක්ෂක අංශ තමිල්නාඩුව ආශ්‍රිතව කරනු ලැබූ මෙහෙයුම් වලදී ඉන්දියානු භූමිය තුළ ඉස්ලාමීය නීතිය ස්ථාපිත කිරීමේ අභිප්‍රාය ඇතුව පන්ති පැවැත්වූ ත්‍රස්ත සංවිධානයක සාමාජිකයන් 11 දෙනෙකු නම් කළ බව ඉන්දියාවේ ජාතික විමර්ෂන ඒජන්සිය(ANI) පවසයි. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු මේ  වනවිට අත් අඩංගුවට ගෙන ඇති බවද වාර්තාවේ.

ඉන්දියානු පොලීසිය පසුගිය වසරේදී ඉන්දියාවේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කළ සෝදිසි කිරීම් අතරතුරදී සැක කරුවන් 16දෙනෙකු අත් අඩංගුවට ගත් අතර ඔවුන්ගෙන් 5 දෙනෙකු වෙනත් අන්තවාදී ඉස්ලාම් සංවිධාන සමඟ සබඳතා පවත්වා ඇති බව වාර්තා වුනි. එහෙත් නම් කර ඇති 11 දෙනා අතර එවැනි අය සිටී දැයි නිශ්චිතව නම් කර නැත.

ඉන්දියානු ලෝක් සභාව විසින් නව පුරවැසි පනත හඳුන්වා දීමෙන් පසු එරට ක්‍රියාත්මක අමෙරිකානු ආධාර උපකාර ලබන රාජ්‍ය නොවන සංවිධානයක් විසින් මුස්ලිම්වරුන්ට ඉන්දියාව වෙනස් කොට සලකන්නේ යැයි චෝදනා එල්ල කළ අතර ඉන්දියානු රජය එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළේය.

කෙසේ වුවද දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහස් දැක්වීම් වලට අනුව ඉස්ලාම් ත්‍රස්තවාදීන් සියලු දෙනාම පාහේ අයත්වන සංවිධාන අමෙරිකානු සහයෝගය ඇතුව ගොඩනැගුනු ඒවා වේ. ඒ අනුව ඉන්දියාව අස්ථාවර කිරීමේ උවමනාව පෙරදැරි කරගෙන අන්තවාදී ඉස්ලාම් සංවිධාන ඉන්දියාව තුළ ක්‍රියාත්මක කිරීමේ ඉඩ ප්‍රස්ථාව පැන නගින බව ඔවුහු පවසති.

ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com


Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More