විදේශ පුවත්

රුසියානු ජනාධිපති ව්ලැදීමීර් පුටින් සහ තුර්කි ජනාධිපති තායිප් එර්දොගාන් කළු මුහුද ආශ්‍රිතව එළනු ලැබූ ගෑස් ප්‍රවාහන නල ව්‍යාපෘතිය වන “ටර්ක් ස්ට්‍රීම්” ව්‍යාපෘතිය විවෘත කිරීමට ඊයේ සහභාගිවිය.

කළු මුහුද පතුලේ කිලෝ මීටර 930ක් දක්වා දිවෙන නල මාර්ගය උත්සවශ්‍රීයෙන් විවෘත කිරීම මගින් දකුනු යුරෝපයේ රටවලට අවශ්‍ය බල ශක්තිය රුසියානු ස්වාභාවික වායු මගින් සපුරා ගැනීමට මහෝපකාරී වේ. රුසියාවේ සහ තුර්කියේ නායක දෙපල නිල වශයෙන් ව්‍යාපෘතිය විවෘත කිරීමේදී සර්බියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් වුව්සිස් බල්ගේරියානු අගමැති බොරිස්සොවල්සො මහතාද සහභාගිවීම විශේෂත්වයකි.

“රුසියාවේ ස්වාභාවික වායු ටර්ක් ස්ට්‍රීම් ව්‍යාපෘතිය මගින් බෙදා හැරීම නිසා තුර්කියේ සහ කළු මුහුද ආශ්‍රිත කලාපයේ ආර්ථික සංවර්ධනයට හේතු වනවා පමණක්නොවෙයි,දකුනු යුරෝපයේ රටවලට සංවර්ධන කටයුතුද පහසු වෙනවා.එපමණක් නොවෙයි සමස්ත යුරෝපයේම බලශක්ති සුරක්ෂිතභාවය ඉහළ නැංවෙනවා.” යැයි රුසියානු ජනාධිපතිවරයා උත්සව සභාව අමතා ප්‍රකාශ කලේය.

පසුගිය කාලය පුරාම අමෙරිකාව මෙම ව්‍යාපෘතිය කඩාකප්පල් කිරීම සඳහා ආර්ථික සම්බාධක අවිය පමණක් නොව නොයෙක් ආකාරයේ කුමන්ත්‍රණකාරී කඩාකප්පල්කාරී ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වීම දක්නට ලැබුනි.

ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com

 


(රුසියානු ජනාධිපති ව්ලැදීමීර් පුටින් , තුර්කි ජනාධිපති තායිප් එර්දොගාන් සර්බියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් වුව්සිස් සහ බල්ගේරියානු අගමැති බොරිස්සොවල්සො ටර්ක් ස්ට්‍රීම් ව්‍යාපෘතිය නිල වශයෙන් විවෘත කරන අවස්තාව.)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More