ප‍්‍රධාන පුවත්

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සිරියාවේ ඩමැස්කස් අගනුවරට ගොස්, සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් සමග සාකච්ඡා පවත්වා තිබේ.

රුසියානු ජනාධිපතිවරයා සිරියාව බලා ගියේ ඇමෙරිකාවත් ඉරානයත් අතර යුද උණුසුමක් නිර්මාණය වී ඇති අවස්ථාවකය.

රුසියානු ජනාධිපති පුටින් මීට පෙර ද එක් අවස්ථාවක සිරියාවට පැමිණ ඇතත් ඔහු ඩමැස්කස් අගනුවරට පැමිණි පළමු අවස්ථාව මෙය යැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

සිරියානු රජයට එරට ක්‍රියාත්මක වූ අයි.එස්. ත්‍රස්තවාදීන් මර්දනය කිරීමට හැකිවූයේ රුසියාවෙන් පමණක් නොව ඉරානයෙන් ද ලැබුණු හමුදා සහාය හේතුවෙනි.

සිරියානු රජයට සහ හමුදාවට සහාය දැක්වූයේ ඉරාන විප්ලවීය හමුදාවේ ‘කුද්ස්’ බළඇණියයි.

ඇමෙරිකානු හමුදා විසින් ඝාතනය කරනු ලැබූ මේජර් ජනරාල් කසීම් සුලෙයිමානී නායකත්වය දුන්නේ මෙම බළඇණියටයි.

මේජර් ජනරාල් කසීම් සුලෙයිමානී, සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ සමීපතම මිතුරෙකු වු අතර අයි.එස්. ත්‍රස්තවාදීන් මර්දනය කිරීමට සිරියානු රජයේ හමුදා මෙහෙයවූයේ ද සුලෙයිමානී යැයි පැවැසේ. සුලෙයිමානී ඝාතනයට ලක් වූ අවස්ථාවේදී සිරියානු ජනාධිපති අසාද් ඇමෙරිකාවට සිය විරෝධය පළ කළාය.

ඝාතනයට ලක් වුණු ජනරාල් සුලෙයිමානී, රුසියාවේ ද හිතවතෙකි.

ඝාතනය සිදුවුණු අවස්ථාවේදී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඉරාන රජයටත් එරට වැසියන්ටත් සොව පළ කරමින් කියා සිටියේ, සුලෙයිමානී දේශප්‍රේමියකු බවත්, ඔහුගේ අඩුව ඉරානයට විශාල පාඩුවක් බවය.

ඇමෙරිකාව සහ ඉරානය අතර යුදමය තත්ත්වයක් හටගත්තොත්, නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය ඇමෙරිකාවට සහාය දක්වමින් ඉරානයට පහර දුන්නොත්, තමන් ඉරානයට සහාය දක්වමින් එම යුද්ධයට මැදිහත් වන බව රුසියාව සහ සිරියාව පවසා තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More