ව්‍යාපාරික පුවත්

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකයන් හි දැවැන්ත කඩා වැටීමක් අද (08) දිනයේ දී වාර්තා විය.

එහිදී දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 127.25 කින් පහළ ගොස් ඒකක 5,898.84 ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 75.54 කින් පහළ ගොස් ඒකක 2,782.84 ක් ලෙසින් වාර්තා විය.

ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය සහ S&P SL20 දර්ශකය පෙර දිනයට සාපේක්ෂව පිළිවෙලින් 2.11% ක් සහ 2.64% ක් වශයෙන් දිනය තුළ පහළ යන ලදී.

දිනය තුල ගනුදෙනු පිරිවැටුම රුපියල් මිලියන 624.43 කි.

මේ වන අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර ඇතිව තිබෙන අර්බුදකාරීත්වය හේතුවෙන් ගල්ෆ් කලාපය යළිත් වරක් උණුසුම් වීමත් සමඟම එහි බලපෑම සමස්තයක් වශයෙන් ලොව සියලූම ප්‍රාග්ධන වෙළෙඳපොළ වෙත එල්ල වෙමින් පවතින බවත්, එවැනි ගෝලීය අර්බුදකාරීත්වයක දී ශ්‍රී ලංකාව වැනි කුඩා ආර්ථික ක්ෂණික බලපෑමකට ලක් වන බවත් මේ පිළිබඳව අදහස් දක්වමින් කොටස් වෙළෙඳපොළ විශ්ලේෂකයෙකු අද දෙරණට පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More