බොලිවුඩයේ සුපිරි නිළි ශ්රී දේවී හදිසි හෘදයාබාධයක් වැළඳී සෙනසුරාදා රාත්රියේ ඩුබායි හිදී ජීවිතයෙන් සමුගත්තාය.
මිය යනවිට 54 වැනි වියෙහි පසුවූ ඇය ඩුබායි වෙත ගොස් තිබුනේ පවුලේ විවාහ උත්සවයක් සඳහා වන අතර එයට සහභාගී වෙමින් සිටියදී හෘදයාබාධය වැළඳී රෝහල් ගත කිරීමෙන් පසුව මියගිය බව වාර්තා විය.
ශ්රී දේවිගේ සැමියා වන්නේ ප්රකට චිත්රපට නිෂ්පාදක බොනී කපූර් වන අතර ඇයට දියණියන්
දෙදෙනෙකි.
නමසිය අසූව දශකයේ හින්දි සිනමාවේ රැජිණිය ලෙස බැබළුණ ශ්රී දේවී නූතන බොලිවුඩ් සිනමාවේ වර්ධනය වෙනුවෙන් පුරෝගාමී මෙහෙවරක් දායක කළ නිළියකි.
චිත්රපට 150කට අධික සංඛ්යාවකට එක්ව හින්දි සිනමාවට අමතරව දමිළ, තෙලිඟු, මලයාලම්, කර්නාටක චිත්රපටවලද කැපී පෙනෙන රංග දායකත්වයක් ඇය සිදු කර ඇත.
සාද්මා (1983), නාගිනා (1986), මිස්ටර් ඉන්දියා (1987), චාන්දනී (1989) , චාල්බාස් (1989), ලාඩ්ලා (1994) ,ජුදායි (1997) බොලිවුඩ් චිත්රපට වල එකදිගට රඟපා දරුවන්ගේ කටයුතු නිසා රංගනයෙන් කාලයක් ඉවත්ව සිටි ඇය නැවත 2012 වසරේදී ඉංග්ලිෂ් වින්ග්ලිෂ් චිත්රපටය සමග යළි රංගයට එක්වූ අතර මියයන අවස්ථාව වනවිටත් චිත්රපට රංගනයෙහි නිරතවෙමින් සිටියාය.
2013 වසරේදී ඉන්දීය රජය ඇයට පද්ම ශ්රී සම්මානය පුදනු ලැබුවේ සිනමාවට දැක්වූ මෙහෙවර වෙනුවෙනි. ඇගේ සමුගැනීම වාර්තාවූ සැණින් ඉන්දීය අගමැති මෝදි සිය ට්විටර් ගිණුම ඔස්සේ ශෝක පණිවිඩයක් නිකුත් කර තිබුණි
අදටත් මිලියන ගණන් නරඹන ශ්රී දේවිගේ 1989 ‘නාගිනා‘ නයි නැටුම පාර්ට් 1 හා පාර්ට් 2
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්ය...
අනුරාධපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ජනප්රිය රංගන ශිල්පී උද්දික ප්රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්රී ලංකාවට එවීමට...