පුරවැසි කොලම

අප නව වසරකට පිවිස ඇති අතර, එම නව වසරේත් සතියක කාලයක් මේ වන විට ගෙවී අවසන්ය. පසුගිය නොවැම්බර් මස පැවති ජනපතිවරණයෙන් පසුව ඇතිවන සුබදායී වෙනස්කම් මත ශ්‍රී ලංකාව ඉදිරියට ගමන් කරමින් සිටින කාලසීමාවක මෙවර කුරහන් සුවඳ තීරු ලිපිය ලිවීමට සිදුව තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයත් සමග නොවැම්බර් මාසයේ රටේ දේශපාලන පරිසරයෙහි විශාල වෙනස්කම් සිදුවෙමින් පවතී. ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලන වෙනස ආරම්භ කළේ සිය කැබිනට් මණ්ඩලය 16 දෙනෙකුට සීමා කරමිනි.

ඉන් අනතුරුව ඔහු හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් රජයේ හා රාජ්‍ය ආයතනවල වියදම් කපා හැරීමට කටයුතු කළේය. ඒ අනුව රජයට ඉතිරි කර ගැනීමට හැකි වූ මුදල රුපියල් කෝටි ගණනක් වෙයි. මේ සඳහා එක් උදාහරණයක් ලබාදිය හැකිය. රාජගිරියේ පවත්වාගෙන ගිය කෘෂිකර්ම අමාත්‍යාංශය කුලී ගොඩනැගිල්ල වෙනුවෙන් මසකට ගෙවූ මුදල රුපියල් මිලියන 21ක් විය.

මෙම මුදල ඉතිරි කර ගැනීම වෙනුවෙන් එම ගොඩනැගිල්ලේ ස්ථාපිත කර තිබූ කෘෂිකර්ම අමාත්‍යාංශය නැවතත් ගොවිජන මන්දිරය වෙත රැගෙන යෑම සඳහා දැනටමත් කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ඉන් අනතුරුව රජයේ දුප්පත් පවුල් ලක්ෂයක් දරිද්‍රතාවයෙන් ඉහළට ඔසවා තැබීම වෙනුවෙන් අඩු අධ්‍යාපන සුදුසුකම් සහිත 100,000ක් වෙනුවෙන් රැකියා ලබාදීමට රජය සැලසුම් සකස් කර තිබේ. මෙම වැඩසටහන ජනවාරි 15දා ආරම්භ කිරීමට නියමිතය. මීට අමතරව පරිසරය ආරක්ෂා කිරීම සඳහා මුලපිරීම, ජනතාවට සහන සැලසීම වෙනුවෙන් විශාල බදු කපාහැරීමක් සිදුකිරීම වැනි ක්‍රියාමාර්ගද නව රජය විසින් සිදුකළේය.
මෙම වෙනස සැබැවින්ම ශ්‍රී ලාංකික පුරවැසියන් වසර 4ක් තිස්සේ දැඩි ආශාවෙන් බලා සිටි වෙනසක් විය.

දශක ගණනාවකට පසු තරුණයන්ට දේශපාලනයේ අවස්ථා ලබාදෙමින්, වෘත්තීය සුදුසුකම් ඇති පුද්ගලයන් රජයේ ආයතනවලට පත්කරමින් තවත් වෙනසකට මුලපුරමින් සිටින්නේ සමෘද්ධිමත්, සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීමේ අපේක්ෂාවෙනි.

වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයට තරුණ තරුණියන් පිවිසීම සිදුවෙමින් පවතින අතර, එය සැබවින්ම නව දේශපාලන යුගයක ආරම්භය වන්නේය. ඕනෑම රටක තරුණ පරම්පරාව සමාජයේ කොඳු නාරටිය ලෙස හඳුනාගත හැකි අතර, එම තරුණ පරම්පරාව දේශපාලනයට මෙන්ම තීරණ ගැනීමේ ක්‍රියාවලියට වැඩි වශයෙන් සම්බන්ධ වීම අනාගතයට සුබදායී ලකුණකි. මේ පිළිබඳව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ස්ථිර දැක්මක් සහිතව කටයුතු කරමින් සිටින්නේය.

ඒ අනුව වත්මන් කැබිනට් මණ්ඩලයට තරුණ නියෝජනයන් එක් කළ අතර, ඒ සඳහා හොඳම උදාහරණ අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතායි. ඔහු කැබිනට් මණ්ඩලයට එක්කිරීමෙන් නොනැවතී සම කැබිනට් ප්‍රකාශක තනතුරටද පත් කළේය. එසේම රාජ්‍ය අමාත්‍ය ධුර අතරින්ද විශාල ප්‍රමාණයක් තරුණ, නවක මන්ත්‍රීවරුන්ට හිමිවූ අතර ඔවුන්ට වගකීම් හා ආයතන බෙදා දීම මේ වන විට සිදුවෙමින් පවතී.
ශ්‍රී ලංකාව මේ ආකාරයේ නව වෙනස්කම්වලට භාජනය වෙන අවස්ථාවක තරුණ, දක්ෂ දේශපාලනඥයන් පත්කිරීම ශ්‍රී ලංකාවේ පුරවැසියන් විසින් සිදුකරන ලබන ආයෝජනයක් වන්නේය. එවැනි ආයෝජන සෑමවිටම දේශපාලන ක්ෂේත්‍රය තුළත් සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය තුළත් ප්‍රබල වෙනස්කම් ඇති කිරීමට සමත් වන්නේය.

බොහෝ රටවල පුරවැසියන් දක්ෂ සහ වෙහෙස මහන්සි වී වැඩකිරීම සඳහා එවැනි දේශපාලඥයන් පත්කරන අතර, ඒ හරහා අවසානයේදී වාසි සහගත තත්ත්වයන් ඇතිවන්නේද එම ඡන්ද දායකයන්ටමය.
ශ්‍රී ලංකාව කලාපයේ මෙන්ම ලෝකයේ බොහෝ රටවල් මෙන්ම නව ජනාධිපතිවරයකු තෝරා පත්කර ගැනීමත් සමග නව ගමනක් ආරම්භ කරමින් තිබේ. නමුත් මේ හරහා රට සැබවින්ම සමෘද්ධිමත් වීමට නම්, අපේ පුරවැසියන්ගෙන් බහුතරයකද රටේ සමස්ත වෙනස වෙනුවෙන් සැබවින්ම දායක විය හැකි නව තරුණ දේශපාලනඥයන්ට අවස්ථාවක් ලබාදිය යුතුය.

වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාව එකම ක්‍රමවේදයකින් ගමන් කරමින් සිටියේය. මේ වන විට ආසියාව ලෝකයේ සුපිරි බලවතා බවට පත්වෙමින් සිටින්නේය. මේ අවස්ථාවෙන් අප උපරිම ප්‍රයෝජන ලබාගත යුතු වන්නේය. මේ අනුව ඉදිරි මහ මැතිවරණයේදී තම ආසන සඳහා තරග කරන තරගකරුවන් අතරින් දක්ෂ හා හැකියාවන් ඇති අය තෝරා පත් කරගැනීමට කටයුතු කළයුතු අතර, ජනතාවද එය වටහාගෙන තිබේ.
නව දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමට කාලය එළඹ ඇති අතර, එය අප සැමට දිගුකාලීන සම්පතක් පමණක් නොව රටේ සමස්ත ආර්ථික, සමාජීය හා සංවර්ධන වෙනසටද දායකයක් දක්වනු ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සෑමවිටම තරුණයන්ගේ බලය සහ තීරණ ගැනීමේදී සහ දේශපාලනයට ඔවුන් දක්වන දායකත්වය පිළිබඳව අවධාරණයට ලක්කර තිබේ. ජාතියක් වශයෙන් අපට නිවැරදි දේශපාලනඥයන් තෝරා ගැනීමට දැන් කාලය පැමිණ තිබේ. පාර්ලිමේන්තු මැතිවරණයට ඇත්තේ තවත් මාස කිහිපයක් පමණි. මෙහිදී තරුණයන්ට අවස්ථාව දෙන අතරේම අත්දැකීම් බහුල, මහන්සියෙන් වැඩ කළ හැකි, දක්ෂ වයසින් වැඩි අයටද අවස්ථාව ලබාදීමට ජනතාව කටයුතු කළ යුතු වෙයි. සමස්තයක් ලෙස අප තෝරා පත්කර ගන්නා දක්ෂ පාර්ලිමේන්තුවක් අවසානයේදී වත්කමක් වන්නේද සමස්ත ජනතාවටමය.

වෙනස ඉතා වැදගත්ය. වෙනස වෙනුවෙන් අපගේ මනෝභාවයන්, අපගේ චින්තනය වෙනස් කළ යුතුය. එය අපගේ අනාගත පරපුර වෙනුවෙන් ආයෝජනයක් වන්නේය. ශ්‍රී ලංකාව නව වෙනසකින් වසර ආරම්භ කළ අතර, ඒ වෙනසට එක්වීමට අප සැවොමට කාලය පැමිණ ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More