ප‍්‍රධාන පුවත්

UPDATE:

මේ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඉරාන මිසයිල් ප්‍රහාරය සම්බන්ධයෙන් ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින්

“සියල්ල හොඳින් සිදුවේ.ඉරාකයේ පිහිටි අමෙරිකානු හමුදා කඳුවුරු දෙකකට ඉරාන මිසයිල් ප්‍රහාර දෙකක් එල්ලවී තිබෙනවා.තුවාල කරුවන් සහ සිදුවී ඇති දේපල හානි පිළිබඳව තක්සේරු කරමින් පවතිනවා.මේ තාක් සියල්ල හොඳින් සිදුවී තිබෙනවා.බොහෝ සෙයින්ම ලෝකයේ කිසිදු ජාතියකට නැති ප්‍රබලතම සහ දියුනුතම යුද උපකරණ වලින් සන්නද්ධ හමුදාව සිටින්නේ අමෙරිකාවටයි. හෙට උදෑසන මම මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් පවසා සිටියි.

——————————————————

ඉරාකයේ අන්බාර් ප්‍රාන්තයේ පිහිටා ඇති අමෙරිකානු හමුදා කඳවුරකට සහ එර්බිල් ප්‍රදේශයේ පිහිටි තවත් අමෙරිකානු හමුදා කඳවුරකට ඉරානය විසින් මිසයිල් ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තාවේ. පළමු මිසයිල් ප්‍රහාරය ඉරාක වේලාවෙන් අලුයම 1.30 ට එල්ලවූ අතර දෙවන මිසයිල් ප්‍රහාරය ඉන් පැයකට පසුව එල්ලවූ බව වාර්තාවේ.

ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කර ඇති අමෙරිකානු හමුදා ප්‍රධානින් පවසා සිටියේ ප්‍රහාර හේතුවෙන් අමෙරිකානු හමුදාවේ කිසිදු නිළධාරියෙකුට කිසිදු හානියක් සිදුව ඇති බවක් මෙතෙක් වාර්තා වී නොමැති බවයි. කෙසේ වුවද සිදුවූ හානි සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කිරීමට හිරු එලිය වැටෙන තුරු සිටිය යුතුයැයි ඔවුහු ප්‍රකාශ කර සිටිති.

ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් ඉරාන විදේශ ඇමති මොහොමඩ් ජාවඩ් ෂරීෆ් මහතා ප්‍රකාශ කර සිටියේ”එක්සත් ජාතීන්ගේ ප්‍රඥ්ඥාප්තියේ අංක 51 ප්‍රතිපාදන අනුව ආත්ම ආරක්ෂාව වෙනුවෙන් ප්‍රහාර එල්ල කිරීමට ඇති අයිතිය ඉරානය භාවිතා කළා. ඉරානයට නොනවතින යුද්දයකට අවතීර්න වීමේ උවමනාවක් නැත.”යනුවෙනි.

ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com

පෙර සබැඳි පුවත්

“අදුරු කාල පරිච්ජේදයක් උදාවෙමින් තිබෙනවා : තමන්ගේ දරුවන්ගේ අවසානය ගැන බලාගෙන ඉන්න” – මියගිය ඉරාන හමුදා නායකයාගේ දියණිය අමෙරිකාවට අනතුරු අඟවයි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More