විදේශ පුවත්

අමෙරිකානු හමුදා වල සහායට ඉරාකයේ ස්ථානගතව සිටින ජර්මානු හමුදා සහයක බලඇණියේ කොටසක් අසල්වැසි ජෝර්දානයට හෝ ක්වේට් රාජ්‍යයට යැවීමට තීරණය කළ බව ජර්මානු රජය පවසයි.
ඉරාක භාරකාර රජයේ අගමැතිවරයා එරට පාර්ලිමේන්තුවට පසුගියදා යෝජනා කර සිටියේ ඉරාකයේ සිටින විදෙස් හමුදා වහාම ආපසු තම රටවලට යායුතු බවයි.

ඉරාක භාරකාර ආන්ඩුවේ අගමැතිවරයාගේ එම යෝජනාවට ප්‍රතිචාර දක්වමින් ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මාර්කෙල් මහත්මිය සහ ඉරාක භාරකාර ආන්ඩුවේ අගමැති අදෙල් අබ්දුල් මහාදි මහතා අතර ඇතිවූ දුරකතන සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගත් බව ජර්මානු මාධ්‍ය වාර්තා කර සිටී.

සාකච්ඡාවේදී ජර්මන් චාන්සලර්වරිය ඉරාක භාරකාර ආන්ඩුවේ අගමැතිවරයාට පවසා ඇත්තේ ඉදිරියටත් ඉරාකය සහ ජර්මනිය එක්ව ත්‍රස්තවාදය මර්ධනය කිරීම පිණිස එක්ව කටයුතු කිරීම අත්‍යාවශ්‍යය  බවයි.
ලෝක දේශපාලන විශ්ලේෂකයන්ට අනුව, ජර්මනියට රුසියාවේ සිට එලමින් සිටින ගෑස් නල ව්‍යාපෘතිය නතර කිරීමට අමෙරිකාව කරනු ලැබූ බලපෑම, ජර්මනියට අමෙරිකානු සම්බාධක පැනවීම දක්වා දුර දිග යාමේ ප්‍රතිඵලයක් ලෙස ජර්මණිය මෙවැනි තීන්දුවකට එළඹීමට පොළඹවන්නට හේතුවී  තිබේ.

ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com

01. ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මාර්කෙල් මහත්මිය

02. ඉරාක භාරකාර ආන්ඩුවේ අගමැති අදෙල් අබ්දුල් මහාදි මහතා



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More