ප‍්‍රධාන පුවත්

ඉන්දියානු සාගර කලාපයේ ඩියෙගෝ ගාර්සියා දුපත වෙත අමෙරිකාව විසින් සිය B-52 වර්ගයේ බෝම්බ හෙලන ගුවන් යානා 06ක් ඒවා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

පෙන්ටගන් බලධාරීන් සඳහන් කර සිටියේ මෙම බෝම්බ ප්‍රහාරක යානා ඉන්දියාවේ සාගර කලාපය වෙත පිටත් කර ඇත්තේ යම් හෙයකින් ඉරානයට එරෙහිව යුධ මෙහෙයුම් සිදුකිරීමට නියෝග ලැබුනහොත් ඒ සඳහා යොදා ගැනීමේ අරමුණින් බවය.

ඉකුත් වසරේ මැයි මාසයේදී අමෙරිකාව විසින් කටාර් හි පිහිටි සිය හමුදා කඳවුරු වෙත B-52 ප්‍රහාරක යානා එවනු ලැබීය.

මේ පිළිබඳ අදහස් දැක්වූ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අවධාරණය කර සිටියේ ශ්‍රී ලංකාව ACSA ගිවිසුම අත්සන් කර ඇති බැවින් ඇමෙරිකාව විසින් තුන්වන පාර්ශවයක් සඳහා ප්‍රහාර එල්ල කිරීමේ අරමුණින් ගුවන් සහ නාවික යානා ස්ථානගත කිරීමට ලංකා සාගර කලාපය හෝ ගුවන්තොටුපල භාවිත කිරීමට ඒකපාර්ශවීය ඉල්ලීමක් කිරීමේ හැකියාවක් පවතින බවය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ මේ පිළිබඳව රජය, අනෙකුත් සංවිධාන සහ ජනතාව අවධානයෙන් සිට එවැනි තත්වයක් වලකා ගැනීම සඳහා කටයුතු කළ යුතු බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More