විදේශ පුවත්

පසුගියදා ඉරාක භාරකාර ආන්ඩුව පවසා සිටියේ අමෙරිකාව ප්‍රමුඛ සන්ධාන හමුදා වහාම ඉරාක භූමියෙන් පිටව යා යුතු බවයි. එයට ප්‍රතිචාර දක්වමින් ඉරාකයේ ස්ථානගතව සිටින අමෙරිකාව ප්‍රමුඛ සන්ධාන හමුදාවේ අණ දෙන නිළධාරී ජෙනරාල් විලියම් එච් සීලි ඉරාක භාරකාර ආන්ඩුවට පවසා සිටියේ ඉරාකයේ ස්වෛරීභාවය සලකා බලා සන්ධාන හමුදා නැවත ස්ථානගත කිරීමට සූදානම් බවයි.

එහෙත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමෙරිකානු ආරක්ෂක ලේකම් මාක් එස්පර් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ “අමෙරිකානු සන්ධාන හමුදා ඉරාක භූමියෙන් ඉවත් කර ගැනීමට පෙන්ටගනය කිසිදු සූදානමක් නැහැ” යනුවෙනුයි. මේ අතර විලියම් එච් සීලි මහතා ඉරාක භාරකාර ආන්ඩුවට දන්වා යැවූ ලිපිය සම්බන්ධව අදහස් දක්වමින් ඉරාකයේ අමෙරිකානු සන්නද්ධ හමුදා මන්ඩලයේ ප්‍රධානී මාර්ක් මෙලී මහතා ප්‍රකාශ කර සිටියේ විලියම් එච් සීලි යැවූ ලිපිය අත් වැරදීමකින් නැවත සකස් කිරීමට පෙර ඉරාක භාර කාර ආන්ඩුව වෙත යොමු කර ඇතිබවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කර සිටියේ කිසි සේත් අමෙරිකානු හමුදා ඉරාකයෙන් පිටව නොයන බවත් එසේ අමෙරිකානු හමුදා පිටව යාමට බල කරන්නේ නම් ඉරාකයේ අමෙරිකානු හමුදා කඳවුරු ගොඩ නැගීමට වියදම් වූ ඩොලර් බිලියන ගනනක් ඉරාකය විසින් අමෙරිකාවට ගෙවිය යුතු බවත් දරුනු සම්බාධක වලට මුහුණ දීමට ඉරාකය සූදානමින් සිටිය යුතු බවත්ය.

ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More