ව්‍යාපාරික පුවත්

තේ වගාව ප්‍රමුඛ අපනයන කර්මාන්තයක් බවට පත් කිරීමේ අරමුණින් වසර 2020 සිට එක් වසරකට අවම වශයෙන් 10%කින් සිය ආනයනයන් වැඩි කරලීමට ‘සිලෝන් තේ‘ ආනයනය කරන රටවල් දිරිගැන්වීමට හැකිවනු පිණිස ශ්‍රී ලංකා තේ මණ්ඩලය, වාණිජ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩලයන් හි අදාළ බලධාරීන් හා එක්ව වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

එහෙත් තේ කර්මාන්තයෙහි ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ලබන තේ කර්මාන්තශාලා හිමියන් මුහුණ පා ඇති ගැටලු ඒ සඳහා බාධාවක් වී තිබේ.

විශේෂයෙන්ම පසුගිය වසර කිහිපය තුළ දී ක්‍රියාත්මක වූ සීමාකාරී මූල්‍ය සහ බදු පිළිවෙත් මෙන්ම ප්‍රතිඅපනයනය කිරීම සඳහා තේ ආනයනය කිරීම පිණිස අවකාශ සැලසීම සඳහා එතෙක් පැවති නීතිරීති හා රෙගුලාසි ඉවත් කිරීම මෙම තත්ත්වයට හේතු වී ඇති බව නිරීක්ෂණය කර ඇත.

මෙම තත්ත්වය යටතේ තේ කර්මාන්තය ස්ථාවර සහ තරඟකාරී අපනයන ඉපැයුම් මාර්ගයක් බවට පරිවර්තනය කරමින් ඊට අදාළ සැපයුම්දාමය ආශ්‍රිත රැකියාවන් හි නිරත විශාල පිරිසකගේ රැකියා ස්ථාවරත්වය තහවුරු වන අන්දමට තේ ක්ෂේත්‍රයේ පුනර්ජීවන හා නවීකරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අදාළව වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More