විදේශ පුවත්

සිය විප්ලවිය හමුදා නායක ජනරාල් කාසිම් සුලේයිමානි ඉරාකයේ දී ඝාතනය කිරීමට නියෝග දුන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ හිස රැගෙන එන අයෙකුට ඩොලර් මිලියන 80 ක ප්‍රදානයක් ලබා දීමට ඉරානය සුදානම් වේ.

ජනරාල් කාසිම් සුලේයිමානි ගේ දේහය ඔහුගේ උපන් ගම්මානය වෙත රැගෙන එන අවස්ථාවේදී එහි රැස්ව සිටි පිරිස් කියා සිටියේ මිලියන 80 ක් වන ඉරාන වැසියන් ගෙන් එක් අයෙකු ඩොලරය බැගින් එකතු කොට ජනාධිපති ට්‍රම්ප් ගේ හිස රැගෙන එන අයෙකුට ලබා දීමට සුදානම් විය යුතු බවයෙ.

මේ අතර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන් වන්නේ ” ඉරානය කිසියම් අයුරකින් අමෙරිකාවට, අමෙරිකාවට අයත් දේපළකට හෝ පුද්ගලයෙකුට හානියක් සිදුකලහොත් අමෙරිකාව කිසිදු පෙර දැනුම් දීමකින් තොරව ප්‍රති ප්‍රහාර එල්ල කරන බවය. එමෙන්ම තමන්ගේ මෙම ට්විටර් සටහන ඒ සම්බන්ධයෙන් පළකරනු ලබන පෙර දැනුම් දීමක් බවට සලකන්නැයි ඔහු කොංග්‍රස් මණ්ඩලයට දැනුම් දී සිටිනවා” යනුවෙනි.

මේ අතර 2015 න්‍යෂ්ටික ගිවිසුම මගින් පනවා ඇති කිසිදු සීමාවකට තවදුරටත් යටත් නොවන බව ඉරානය නිවේදනය කර සිටියි. නිවේදනයක් නිකුත් කරමින් ඉරානය කියා සිටියේ සිය න්‍යෂ්ටික බලය සීමා කිරිම සදහා ඒවායේ නිෂ්පාදන, පර්යේෂණ සහ සංවර්ධනය සම්බන්ධයෙන් කිසිදු සීමාවක් නොපමුනවන බවයි.

ටෙහෙරානයේ පැවති කැබිනට් හමුවේදි ඊයේ මෙම තිරණය ගෙන තිබේ.

ඉරාන හමුදා ප්‍රධානි ජනරාල් කාසෙම් සුලෙයිමානිව අමෙරිකාව විසින් ඉරාකයේදි ඝාතනය කිරිමත් සමග රටවල් දෙක අතර උණුසුම්කාරි වාතාවරණය තවත් ත්‍රිව වී තිබෙ.

මේ අතර ඉරාකයේ බැග්ඩෑග් හි පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ඉලක්ක කර ගනිමින් මිසයිල ප්‍රහාර 04ක් එල්ල්වි තිබේ. එම මිසයිල ප්‍රහාරයන් අමෙරිකානු තානාපති කාර්යාලය අසලටම පතිත වි ඇති අතර සිදුවිමෙන් කිසිවෙකුටත් හානි සිදුවු බවට මේ දක්වා වාර්තා වී නොමැත.

ඉරානය විසින් දිගින් දිගටම පහර දුනහොත් ඉරානයේ සංස්කෘතික ස්ථාන ඇතුළු ස්ථාන 52ක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දැඩි විවෙචන එල්ලවි තිබේ.

සංස්කෘතික වටිනාකම් ඇති ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාර සිදුකල හොත් එය යුධ අපරාධ ගණයට වැටෙන සිදුවිමක් බව ජාත්‍යන්තර විශ්ලේෂකයින් සදහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More