ව්‍යාපාරික පුවත්

2020 වසරේ යෙදී ඇති ශ්‍රී ලංකා මහ බැංකුවේ 70 වන සංවත්සරය සැමරීම සඳහා රුපියල් 20ක වටිනාකමින් යුත් සමරු කාසියක් සහ දැනට පවතින 11 වන මුදල් නෝට්ටු මාලාව යටතේ රුපියල් 2,000 ක නව මුදල් නෝට්ටුවක් නිකුත් කිරීමට සැලසුම් කර ඇත.

ඒ සමඟම, පවතින 11වන මුදල් නෝට්ටු මාලාවේ ආරක්ෂණ සළකුණු ද වැඩිදියුණු කෙරෙනු ඇත.

විශේෂයෙන් දුරස්ථ ප්‍රදේශ සඳහා අවශ්‍ය කාසි සහ නෝට්ටු සැපයීම සඳහා ප්‍රාදේශීය කාර්යාලවල ද සහාය ඇතිව කාසි බෙදා හැරීමේ වැඩසටහන් පැවැත්වීම මගින් කාසි කළමනාකරණය සඳහා යාන්ත්‍රණයක් ඇති කරමින් පවතී.

එක් වරකදී විශාල ප්‍රමාණයකට පුළුල් පරාසයක දැනුම සැපයීමට හැකි වන ලෙස ජංගම මුදල් කෞතුකාගාරයෙහි අන්තර්ගතය සහ ගුණාත්මක බව ඉහළ නංවන අතරම පැරණි කාසි සහ මුදල් නෝට්ටු ප්‍රතිස්ථාපනය කිරීම සංරක්ෂණය කිරීම සඳහා ආර්ථික ඉතිහාස කෞතුකාගාරයෙහි පර්යේෂණ ඒකකයක් පිහිටුවීමට මහ බැංකුව බලාපොරොත්තු වේ.

අද (06) දින එළිදක්වන ලද ශ්‍රී ලංකා මහ බැංකුවේ ‘පෙර දැක්ම 2020‘, 2020 සහ ඉදිරිය සඳහා මුදල් සහ මූල්‍ය අංශ ප්‍රතිපත්ති මාලාවෙහි මේ බව සඳහන් වේ.

මීට පෙර පළමුවරට එළිදක්වන ලද රුපියල් 2,000 නෝට්ටුව ඡායාරූපයෙන් දැක්වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More