පුරවැසි කොලම

තුන්වේල බත් කාපු අපේ රටේ මිනිස්සුන්ට දැන් මොකද වෙලා තියෙන්නෙ කියා වර්තමානයේ අපට ඇසීමට සිදුව ඇත්තේ අද අප රටේ ජනතාවගෙන් හරි අඩකටත් වඩා වැඩි පිරිසක් රෝගීන් බවට පත්ව ඇති නිසාය.

වෛi සංඛ්‍යා ලේඛන අනුව දියවැඩියා රෝගයෙන් පෙළෙන පිරිස ලක්ෂ විසි හතරකට අධිකය. අධි රුධිර පීඩනයට ගොදුරුව සිටින ගණනද ඊට නොවැඩිය. තරබාරුවට ලක්වන දරුවන්ගේ ගණන දිනෙන් දින ඉහළ යනු මිස අඩු වීමත් දක්නට නොලැබේ.

දිනපතාම රජයේ සහ පෞද්ගලික රෝහල්වලින්ද පෞද්ගලික වෛi සායනවලින්ද ප‍්‍රතිකාර ලබා ගන්නට පැමිණෙන පිරිස ලක්ෂ දහයකට අධිකය.

මීට වසර තිහකට පමණ පෙර අප රටේ තිබූ සෞඛ්‍ය සේවාව තුළ සාමාන්‍ය ජනතාව ප‍්‍රතිකාර ලබා ගත්තේ ග‍්‍රාමීය රෝහලට ගොසිනි.

එයත් උණ රෝගයක් වසංගත රෝගයක් සඳහාය. දරුවා ඉපදුණේ නිවසේදීය. ඊට මූලිකත්වය ගත්තේ වින්නඹු අම්මාය. මව දරුවා ප‍්‍රසූත කළේ කොළපතටය.

දියවැඩියාව, අධි රුධිර පීඩනය හෝ කොලෙස්ටරෝල් ගැන කතාබහක් තිබුණේම නැත. ඒවා ඉහළ පැලැන්තියේ ජනතාවගේ රෝග බවට පත්ව තිබුණි. එසේ වූයේ එදා ඉහළ පැලැන්තියේ අය චීස්, බටර්, මස් ආදිය කමින් බොමින් අශ්වකරත්තයේ හෝ මෝටර් රථයක නැඟී ගමන් කරමින් ඉතා අලස ජීවිතයක් ගත කළ බැවිණි.

වැඩකරන ජනතාව වූයේ සාමාන්‍ය පවුල්හි සාමාජිකයන්ය. ඔවුන් දහදිය වගුරුවමින් වැඩ කළහ. එනිසා අත පය, ඇස්, කන් ආදිය නිතර ක‍්‍රියා කළහ. ඔවුන් තුළ පැවතියේ හැඩි දැඩි ජවසම්පන්න සිරුරුය. පියරු බබාලා මෙන් සිටියේ ඉහළ පැලැන්තියේ අයය.

ඒ අය මැදිවියට පත්වන විට දියවැඩියාව අධි රුධිර පීඩනයට ඉතා ඉක්මනින් ගොදුරු වූහ. එනිසා එම රෝග සල්ලිකාරයින්ගේ රෝග බවට පත්විය.

මේ අනුව බලන කල වර්තමානයේ දියවැඩියාව, අධි රුධිර පීඩනය, වැනි රෝගවලට ගොදුරුවූවන්ගේ ගණන දෙස බලන විට අපේ ගම්වල ජනතාවද පෝසතුන් බවට පත්ව සිිටිති. මන්ද යත්, අද ගම නගරය කියා වෙනසක් නැතිව මෙම රෝග පැතිර තිබේ.

සිදුව ඇත්තේ මිනිසුන් දියුණුවීම නොව අධි පෝෂ්‍යදායී ආහාර පාන රට තුළට සීග‍්‍ර ලෙස ගලා ඒමය. චීස්, බටර්, ජෑම්, සොසේජස්, හැම් බේකන්, අද සාමාන්‍ය ජනතාවගේ ආහාරයක් බවට පත්ව ඇත. සිඟාකන පුද්ගලයාටද කී‍්‍රම් ක‍්‍රැකර් බිස්කට් එකක් දුන්විට ඔහු චීස් නැත්ද නෝනා මහත්තයා කියා ඉල්ලන තත්ත්වයට මතය වෙනස් වී තිබේ.

ගොටුකොළ, මුගුණුවැන්න, තෝර කොළ, කොහිල, තලනබටු, පතෝල, වට්ටක්කා, වෙරළු, නාරං, ලාවලූ, වැනි පෝෂ්‍යදායී ආහාර ගොඬේ කෑම ලෙස හඳුන්වති.

අධිපෝෂ්‍යදායී ආහාර මඬේ කෑම බවට පත්ව තිබේ. ඒවා ආහාරයට ගෙන මඩෙන් ගොඩ ඒමට නොහැකිව මඬේම එරී මරණයට පත්වන තත්ත්වයට පත්ව සිටිති.

එදා අපේ මුතුන්මිත්තන් තුන්වේලට බත් කෑවේ ඔවුන් ගත කළ ජීවිතය අනුවය. මීටර් සියයේ දුරත් මෝටර් රථයේ හෝ යතුරු පැදියේ නැඟී ගමන් කරන්නට පහසුකම් තිබුණේ නැත. වැඩිදුරක් පයින් ඇවිද ගියහ.

එනිසා ඔවුනට වැඩිපුර ශක්තියක් අවශ්‍ය විය.

නමුත් වර්තමානයේ කය වෙහෙසීම අඩුවෙන් සිදු කරන ජනතාවක් තුන්වේල බත් කෑවොත් සිදුවන්නේ දියවැඩියාව, හෘදයාබාධ, අධි රුධිර පීඩනයට ගොදුරුවීමය.

එනිසා අප ආහාර පාන ගන්නා විට අවබෝධයකින් යුක්තව ආහාර පාන ගත යුතුයි.

එදා අපේ මුතුන්මිත්තන් තුන්වේල බත් කෑවා කියා මීටර් සියයේ දුරක්වත් පයිින් නොයන අය තුන් වේල බත් කෑවොත් සිදුවන්නේ දියවැඩියාව, කොලෙස්ටරෝල් පාලනයට තුන්වේලට පසු බෙහෙත් බීමටය.

අප ආහාරයට ගන්නා සහල් වර්ග අතර ඉතා ගුණදායක සහල් වර්ගය වන්නේ තම්බාබු සහල්ය. සම්බා, රතු කැකුළු, සුදු කැකුළු, කීරි සම්බා ආදියෙහි කුරුට්ට ඉවත්කර හොඳින් පොලිෂ් කර ඇති නිසා ඒවායේ ඇති කෙඳි සහිත බව අඩුය. පිෂ්ඨය බහුලය. ඉක්මනින් දිරවයි. එනිසා මෙවැනි ආහාර ගත් පසු තවත් පැයකින් දෙකකින් අපට යළිත් කුසගිනි මතුවේ.

තම්බාපු සහලේ බතක් ආහාරයට ගත්විට එසේ නොවේ. නමුත් අප එම සහලේ බත් කෑමට එතරම් ප‍්‍රියක් දක්වන්නේ නැත. එය පිස ගැනීමටත් කාලය ගතවේ. බත් ඇටත් ලොකුය.

සහල්වල ඇති කෙඳි සහිත බව හොඳින් ශක්තිමත් වන්නේ වී තම්බා කොටා සහල් බවට පත්කළ විටය. නමුත් ඒ සඳහා ගතවන කාලය සහ වියදම වැඩි නිසා පොත්ත සුද්දකර දිලිසෙන මුතුකැටවන් පෝෂ්‍ය ගුණයෙන් අඩු සහල් පරිභෝජනයට ජනතාව හුරු කර ඇත.

තම්බාපු හාලේ බතක් කනවාට වඩා සම්බා හාලේ බතක් කෑම පොඩි මාන්නයකුත් ගෙන දෙන නිසා අපි කන්නේ සම්බා යැයි කීමට ද බොහෝ දෙනා හුරුව සිටිති.

අපි සම්බා ආහාරයට ගෙන හවසට චැනල් කර දොස්තර ගාවට ගොස් දියවැඩියාව පාලනයට, අධික රුධිර පීඩනය පාලනයට බෙහෙත් ගැනීමට තරම් ඉල්ලන් කෑමට ලක්ව සිටින්නෙමු.

නමුත් එය ජනතාවට වැටහෙන්නේ නැත. මාසයකට වරක්වත් දොස්තර කෙනෙක් හමුවී තම දුක සැප බලා ගැනීමට අපි පුරුදුවී සිටින්නෙමු.

නිරෝගී බව සඳහා ව්‍යායාමවල ක‍්‍රීඩාවල නිරතවන ලෙස වෛiවරු පැවසූ විට සිහියට එන්නේ ඇවිදීම, ජිම් එකකට යෑම, ක‍්‍රිකට් රගර්, ටෙනිස් වැනි ක‍්‍රීඩාවක නිරත වීමය.

චක්ගුඩු පැනීම, කඹ ඇදීම, තාච්චි පැනීම, පොර පොල් ගැසීම වැනි ක‍්‍රීඩාවක නිරත වෙමුදැයි පැවසුව හොත් ඒවා සිංහල අලූත් අවුරුදු ජන ක‍්‍රීඩා යැයි පවසති.

නමුත් මෙම ක‍්‍රීඩාවන් හි නිරත වීම තුළින් කය වෙසෙසිය හැකිය. සාමූහික ක‍්‍රීඩාවන් නිසා අන් අය සමග සුහදව කටයුතු කරන ආකාරයද වටහා ගත යුතුය.

වර්තමානයේ අප ඉතා වේගයෙන් ගොදුරු වන බෝ නොවන රෝග මෙන්ම හෝමෝන ආශ‍්‍රිත රෝග වන තයිරොයිඞ් අධික‍්‍රියාකාරිත්වය, මඳ සරු බව වැනි රෝගවලට තවත් එක් හේතුවක් වී ඇත්තේ මානසික පීඩනයයි.

වර්තමානයේ අප බොහෝ දෙනා මානසික පීඩාවට පත්ව සිටින්නේ හුදෙකලා බව නිසාය. සාමූහිකව එක්ව කටයුතු කිරීම වෙනුවට එකිනෙකා පරයමින් අති තරගකාරී ක‍්‍රීඩාවන්හි නිරත වීමට උත්සාහ කරති. කණ්ඩායමක් ලෙස කී‍්‍රඩා කිරීම වෙනුවට කැපී පෙනෙන තරුවක් වීමට උත්සාහ කරති.

තරු බැබළෙන්නේ තමා තුළින්ම නිපදවා ගන්නා ආලෝකයෙන් මිස ඉර එළියේ පිහිටෙන් නොවේ.

අපේ දේශීය ක‍්‍රීඩාවන් තුළ තරගකාරී බව මෙන්ම සෞන්දර්යාත්මක බව ද ගැබ්ව තිබේ. ජය පරාජය ප‍්‍රකාශ කළේ මානසික ආතතිය ඇතිවන අයුරින් නොවේ. ඇතැම් විට එය කවියකින් පැවසීය. තවත් විටෙක හාස්‍යයෙන් යුතුව ඉදිරිපත් කළේය. එවිට පරාජයට පත්වූ කණ්ඩායමට ඇතිවන දුක තුනී වේ. ජය පරාජය බෙදා හදා ගැනීමට අවස්ථාව උදාවේ.

මානසික පීඩනය සහ ආතතිය නිසා හෘදයාබාධ ඇතිවීමේ ඉඩකඩ වැඩි වේ. රුධිර සීනි ප‍්‍රමාණය ඉහළ යයි. එනිසා නිරෝගීව සිටීමට ආහාර පාලනය මෙන්ම මනස නිරවුල්ව තිබීම ද අවශ්‍යය.

පිළිකා රෝග ඇතුළු බරපතළ රෝග රැුසක් නසන්නට සමත් පිරිසිදු කන්සා දුම්වැටිය තහනම් කර නිකොටින් අධික පිළිකා ඇති කරන දුම්වැටි පානයට අප හුරු කළේ විදේශිකයන්ය.

ජවසම්පන්න බව සහ ආත්මාරක්ෂාව සහිත අංගම් පොර සටන් කලාව තහනම් කර තුවක්කුවට, බෝම්බවලට, අප හුරු කළේද විදේශිකයන්ය.

එය කරපින්නාගෙන ජාතියක් ලෙස නැඟී සිටීමට වෙරදැරීම නිශ්ඵල ක‍්‍රියාවකි. අපේ ජාතිය වනසා ඇත්තේ නිසරු දේ අපට විසිතුරු ලෙස හැඩගන්වා ලබා දීමෙනි.

එනිසා කොළ කැඳ වෙනුවට අපි කෝලා පානය කරමු. බත්, දෙල්, කොස් වෙනුවට අපි ක්‍ෂණික ආහාර කන්නෙමු.

ජලය පානයට වඩා මත්පැන් පානයට කැමැත්තක් දක්වන්නෙමු.

අත පය වෙහෙස කර වැඩ කිරීම වෙනුවට යන්ත‍්‍ර සූත‍්‍රයට මුල් තැනදී සිිටින්නෙමු.

මේ කිසිවක් සියයට සියයක් අත්හළ යුතු නැත. නමුත් මේවාට ජීවිතයේ ප‍්‍රමුඛස්ථානය නොදිය යුතුය. හැකි සෑම විටම පෝෂ්‍යදායී ආහාර ගැනීමට, පිරිසිදු ජලය පානයට විනෝදවීමට, සාමූහිකව කටයුතු කිරීමට මූලික තත්ත්වය දිය යුතුය.

ජීවිතය විඳිනවා මිස විඳවන්නට යෑම තරම් ගොන්කමක් තවත් නැත. වර්තමානයේ අපි බහුතරයක් කරනු ලබන්නේ එම ගොන්කමය.

උපාලි ද සේරම්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More