විදේශ පුවත්

ඉරාක භාරකාර අගමැති අධිල් අබ්දුල් මහාදි මහතාගේ  ප්‍රධානත්වයෙන්  ඊයේ(05) රැස්වූ ඉරාක පාර්ලිමේන්තුව යෝජනාවක් සම්මතකර ගනිමින් පවසා සිටියේ ඉරාකයට තවදුරටත් අමෙරිකානු සංධානයේ අධාර අවශ්‍ය නොවන බවත් අමෙරිකාව ප්‍රමුඛ සංධානයේ සන්නද්ධ හමුදා ඉරාකයෙන් වහා පිටවී යායුතු බවත්ය.

මේ සම්බන්ධයෙන් විග්‍රහයක යෙදෙන මැදපෙරදිග කලාපයේ අමෙරිකානු මැදිහත්වීම් පිළිබඳ අධ්‍යයනය කරන විද්වතුන් පවසා සිටින්නේ, ISIS ත්‍රස්ත ක්‍රියා උපරිම තත්වයේ තිබෙන මොහොතක ඉරාකයේ ආරක්ෂාවට අමෙරිකානු හමුදාවල අවශ්‍යතාවය ගොඩනැගුනද ISIS ත්‍රස්තක්‍රියා තවදුරත් ඉරාකය තුළ නැති තත්වයක් තුළ ඉරාකයට තනිවම පාලනය කළ හැකි ජිහාඩ් ක්‍රියාකාරකම් මැඩ පැවැත්වීමට ඉරාකයට අමෙරිකානු ආධාර අනවශ්‍ය බව ඉරාක භාරකාර අගමැතිවරයා තරයේ විශ්වාසකරන බවයි.මෙහිදී ඉරාක භාර අගමැතිවරයා, ඉරාක රජය තවදුරටත් අමෙරිකානු හමුදාවලට ඉරාක ගුවන් සීමාව විවෘතව තැබීම අත්හිටවිය යුතු බවද යෝජනා කර සිටියේය.

ඉරාක රූපවාහිනී මාධ්‍යවාර්තා වලට අනුව අමෙරිකානු සංධානය තුළ සිටින සමහර බටහිර හමුදා ඉරාකයේ රැඳී සිටින්නේ ඔවුන්ගේ හමුදා වලට අවශ්‍ය පුහුනුවීම් ලබාගැනීම පිණිසය. ඒ අනුව සම්මතවූ යෝජනාවට අනුව ඉරාක හමුදා නායකත්වය ඉරාක හමුදාවේ පුහුනුවීම් සඳහා අවශ්‍යවන විදෙස් හමුදා පුහුනුකරුවන්ගේ ලැයිස්තුවක් වහාම ඉරාක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය.

මේ අතර ඉරාක විදේශ අමාත්‍යාංශය පවසා සිටින්නේ අමෙරිකාව තම රටේ ස්වෛරීත්වය කෙලෙසීමට එරෙහිව එක්සත් ජාතීන් වෙත පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බවයි.
විදෙස් දේශපාලන විශ්ලේශකයන්ට අනුව ඉරාක පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරගැනීමෙන් පමණක් අමෙරිකානු හමුදා ඉරාක භූමියෙන් පිටවයාම සිදු නොවන අතර ඉරාකයේ රැඳීසිටීමට තවත් කුමන හෝ ගැටුමක් ඉරාක ලිබියා සිරියා දේශසීමාව ආශ්‍රිතව  අමෙරිකාව විසින් නිර්මානය කිරීම ඒකාන්තයෙන්ම සිදුවනු ඇත.

ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More