ප‍්‍රධාන පුවත්

ඉරාකයේ බැග්ඩෑග් අගනුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාරයක් එල්ලවී තිබේ.

බැග්ඩෑග් හි පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය අසල වූ අධි ආරක්‍ෂිත ප්‍රදේශයට එම රොකට් ප්‍රහාර දෙකක් පතිත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර බැග්ඩෑග් සිට සැතපුම් 50ක් දුරින් පිහිටි අමෙරිකානු ගුවන් හමුදා කඳවුරක්‌ ඉලක්ක කර ගෙන තවත් රොකට් ප්‍රහාරයක් එල්ලවී තිබේ.

බාලාඩ් හි පිහිටි අමෙරිකානු ගුවන් හමුදා කඳවුර ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර තුනක් එල්ල කොට ඇති අතර ඉන් රොකට් දෙකක් කඳවුරේ පිහිටි සෙබළ නිල නිවෙස්නය ආසන්නයට වැටී තිබේ.

මෙම රොකට් ප්‍රහාරයන් ගෙන් තුවාල වූ පිරිස් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් වාර්තා නොවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මිට අමතරව ඉරාකයේ පිහිටි අමෙරිකානු හමුදා භට පිරිස් රැඳී සිටින ස්ථාන කිහිපයක් ඉලක්ක කර ගනිමින් ඉරානය විසින් ප්‍රහාර එල්ල කර ඇති බව එරටින් ලැබෙන වාර්තා සදහන් කර සිටියි.

අමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් ඉරාන විප්ලවීය හමුදා නායකයා ජිවිතක්ෂයට පත්වුයේ ඊයේ දිනයේදීය.

සිය හමුදා ප්‍රධානියාට එල්ලවූ ප්‍රහාරයට ප්‍රති ප්‍රහාරය දරුණු වනු ඇති බව ඉරාන ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More