ව්‍යාපාරික පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ව්‍යාපාර සහ පුද්ගල නාම 50,000කට අධික ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කර තිබේ. දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විසින් 2020 ජනවාරි 01 දින සිට එකතුකළ අගය මත බදු සඳහා වූ ලියාපදිංචිය අක්‍රිය ලෙස තීරණය කරන ලද ව්‍යාපාර ලැයිස්තුවක් මෙහි අන්තර්ගත වේ.

මේ සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසන්නේ, 2002 අංක 14 දරණ එකතුකළ අගය මත බදු පනතේ 16 වැනි වගන්තිය ප්‍රකාර දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විසින් එකතුකළ අගය මත බදු සඳහා වූ ලියාපදිංචිය අක්‍රිය ලෙස තීරණය කරනු ලබන අවස්ථාවක, 73 වන වගන්තියේ විධිවිධාන වල කුමක් සඳහන් වූවද, එසේ ලියාපදිංචිය අක්‍රිය ලෙස තීරණය කරනු ලැබූ තැනැත්තන්ගේ නම් සහ ලියාපදිංචි අංක දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කරනු ලැබීය යුතු අතර, එසේ ප්‍රසිද්ධ කරනු ලැබූ ලැයිස්තුව, මාසිකව යාවත්කාලීන කරනු​​ ලැබීය යුතු බවයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද අදාළ ලැයිස්තුව සඳහා පහතින් ප්‍රවේශ විය හැකිය.

2020.01.01 දින සිට එකතු කළ අගය මත බදු (VAT) ලියාපදිංචිය අක්‍රිය වන තැනැත්තන්ගේ ලැයිස්තුව

Derana biz news



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More