විදේශ පුවත්

ඉරාන හමුදාවේ ඉහළම මට්ටමේ අණදෙන නිළධාරියෙකු වූ සොල්මෙනි මහතාගේ ඝාතනයට විරෝධය දැක්වීම පිණිස ඉරානයේ ටෙහෙරාන් නුවරට දහස් ගනන ජනයා රැස්වී විරෝධාතා දැක්වූ බව වාර්තාවේ.

රුසියානු මාධ්‍ය වාර්තා කරසිටියේ අමෙරිකානු ඩ්‍රෝන යානා ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූ ඉරාන හමුදාවේ අණ දෙන නිළධාරියෙකු වූ කාසිම් සොල්මෙයිනි ඉතා විශිෂ්ට හමුදා නිළධාරියෙකු බවත් සිරියාවේ සහ ඉරාකයේ ක්‍රියාත්මක ඓS ත්‍රස්තයන් විනාශ කිරීමේදී ඉතා විශිෂ්ට සේවාවක් කළ බවත් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසන බවයි.

මේ අතර ඉරානයේ සහයෝගය ලබන මහජන බලමුළු හමුදාවේ ඉහළ ක්‍රියාකාරී හය දෙනෙකු ගමන් කරමින් සිටි රථ පෙළකට ඉරාකයේ උතුරු ප්‍රදේශයේදී එල්ලවූ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූ බව වාර්තාවේ.

මෙතෙක් තහවුරු නොවූ වාර්තා පවසා සිටින්නේ ඉරානයේ සහයෝගය ලබන ඉරාක සිරියා දේශසීමාවේ ක්‍රියාත්මක පැරාමිලිටරි කන්ඩායමක් වන කතාබි අල් මිලිෂියා සංවිධානයේ මහ ලේකම් ෂිබ්ල් අල් හක් මහතාද මියගිය අතර සිටිය හැකි බවයි.

අමෙරිකාවේ සහයෝගය ලබන ඓSඓS ත්‍රස්තයන් මේ වනවිට දැවැන්ත පරාජයකට ලක්ව තිබෙන අතර ඒ හේතුව නිසාම අමෙරිකාවට සිරියාව ඉරාකය ලිබියාව යන රාජ්‍යය වලට අයත් ඛනිජ තෙල් සම්පත කොල්ල කෑමට නොහැකි වන තත්වයක් උද්ගතව තිබීම හේතුවෙන්ද අනිත් අතට චීනය සහ රුසියාව ලෝකයේ අමෙරිකානු ආර්ථික ආධිපත්‍යට මෙන්ම යුද ආධිපත්‍යයට කරනු ලබන අභියෝග හමුවේ අමෙරිකානු ආර්ථිකය මෙන්ම අමෙරිකානූ ජන විඥ්ඥානය තමනට නතු කර තබාගැනීම පිනිස මැදපෙරදිග කලාපය දඩ බිමක් කරගැනීමේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උවමනාව මෙම ප්‍රහාර වලින් තහවුරු වන බව දේශපාලන විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ.

කෙසේ උවද ඉරානයට එරෙහිව එල්ලවන මෙම ප්‍රහාර වලට අමෙරිකාව වන්දි ගෙවීමට සූදානම් විය යුතු බව ඉරානයේ ඉහලම දේශාපාලන නායකත්වය මෙන්ම මිලිටරි නායකත්වය අවධාරනය කරති.

ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com

මූලාශ්‍



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More