රාජාසන කතාව සිදු කිරීමට පාර්ලිමේන්තු සභාවට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්‌ෂ මහතාට සියලුම මැති ඇමැතිවරු දැත් එක් කොට ආයුබෝවන් කියා ආචාර දැක්‌වුව ද පාඨලී චම්පික රණවක මහතා පමණක් සිය දැත් පිටුපසට තබා ගනිමින් නිහඬව සිටිනු දක්‌නට ලැබිණි.
ජනාධිපති රාජපක්‌ෂ මහතා සිය ආණ්‌ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය (රාජාසන කතාව) සිදු කිරීමෙන් පසුව පාර්ලිමේන්තු සභා ගර්භයෙන් පිටව යන විට සියලුම මැති ඇමැතිවරුන් වෙත දැත් එක කොට ආචාර කළේය.
ඊට ප්‍රතිචාර දක්‌වමින් බොහෝ මැති ඇමැතිවරු පෙරළා ප්‍රතිචාර දක්‌වද්දී විපක්‌ෂයේ ඉදිරි පෙළ අසුනක සිටි පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා පමණක් සිය දැත් පිටුපසට කර ගනිමින් නැඟී සිටින ආකාරය පමණක් දක්‌නට විය.
මේ වනවිට ඇප ලබා සිටින විපක්‌ෂයේ තවත් මන්ත්‍රීවරයකු වන දොස්‌තර රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා ද ඊයේ (03 දා) දිනයේ පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...