විදේශ පුවත්

ඇමෙරිකාව කළ අපරාධයට ඉරානය සහතික වශයෙන් ම පලිගන්නා බව ඉරාන ජනපති හසන් රූනි මහතා පවසයි.

ඉරාන හමුදා ප්‍රධානී, මේජර් ජනරාල් කසීම් සුලෙයිමාන් මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන්  අදහස් දක්වමින් ඒ මහතා ඉරාන ආණ්ඩුවේ නිල වෙබ් අඩවියට මෙසේ පවසා තිබේ.

අපරාධකරුවකු වන ඇමෙරිකාව සිය හමුදා ප්‍රධානියා ඝාතනය කිරීමෙන්, ඉරානයේ හදවත කම්පාවට පත් කළ බවද ජනපති සඳහන් කරයි.

එසේම එම ප්‍රහාරය, ඇමෙරිකාවේ දාමරිකත්වයට එරෙහිව නැගී සිටීමට සහ ඉස්ලාම් වටිනාකම් ආරක්ෂා කරගැනීමට ඉරානය ගෙන තිබූ අධිෂ්ඨානය දෙගුණයකින් වර්ධනය කළ බවද, ජනපතිවරයා පවසා ඇත.

මේ නීච සහ බියසුලු නාටකය, ඇමෙරිකාවේ බලාපොරොත්තු සුන්වීම ගැනත් එම කලාපයේ දුර්වලතාව ගැනත් තවත් නිදසුනක් පමණක් බවද ඉරාන ජනපති වැඩිදුරටත් සඳහන් කරයි.

(එන් ඩී ටීවී ඇසුරිනි)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More