මුහුණු පොතෙන්

හපුතලේදී ජිවිතක්ෂයට පත්වූ ගුවන් හමුදා සාමාජිකයන් පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන්ගේ හිතවතුන් සිය කණගාටුව පළ කරමින් සිටිනවා.

“කොළඹදී හමුවෙමු කියා කිව්වත් ආයෙත් හමු වෙන්නේ නෑ නේද..”‘

” ඇයි අපිට මෙච්චර දුකක් දුන්නේ ”

වැනි වදන් ඒ අතර දක්නට ලැබෙනවා.

ඒ අතර FLIGHT LIEUTENANT කුලතුංග සම්බන්ධයෙන් ඔහු උගත් ධර්මරාජ විද්‍යාලයේ ආදී සිසුන් මෙලෙස ශෝකය පළ කර තිබුණා

‘සොයුරාණෙනි!
ඔබ සැමදා ධර්මරාජයට අභිමානයක්ම වීය.
ඔබ ඇතුළු ජීවිතක්ෂයට පත් සියලුම විරුවන් හට,
නිර්වාණ සම්පත්තිය අත්වේවා’

එමෙන්ම තවත් මිතුරෙකු ඔහු වෙනුවෙන් මෙවන් සටහනක් තබා තිබුණා,

‘RIP Brother…???
උඹ ඇයි මචං මෙච්චර ඉක්මං උනේ…
උඹ වචනයේ පරිසමාප්තියෙන්ම හිත හොඳ කොල්ලෙක් බං.
උදව්වක් ඉල්ලුවොත් රැයක් දවාලක් බලන්නෙ නැතුව උඹේ දෙයක් හරි මට දීල උඹ මට කරපු උදව් කවදාවත් අමතක වෙන්න නෑ…
ඒත් උඹ අද අපි ඔක්කොම දාල ගිහින්.
උඹ නැති අඩුව පුරවන්න කවදාවත්ම බැරි වේවි මචං.
හොඳම තැනකට පලයන්.
රණවිරුවෙක්ට කරන්න පුලුවන් උපරිම කැපකිරීම උඹ කළා.

අපි ආයෙම දවසක හවසක අනිවාර්‍යෙන් හම්බු වෙමු බොක්ක.

SQUADRON LEADER වීබැද්ද,FLIGHT LIEUTENANT කුලතුංග , සැරයන් කුමාර සහ නායක ගුවන් භට හෙට්ටිආරච්චි යන පිරිස මෙහිදී ජිවිතයෙන් සමුගත් අතර ඔවුන්ගේ ඡායාරූප යොදා ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන සටහන් කිහිපයක් පහතින් දැක්වෙනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More