මහ මැතිවරණේ ගැන එහෙන් මෙහෙන් කතා ඇහෙන්න පටන් අරන්.පක්ෂ විපක්ෂ හැමදෙනාම ඕන් ඕකටලු දැන් ලෑස්තිය..ආසනවල යනවලු…වැඩ කරනවලු..ඒ අස්සෙ නොමිනේශන් වලටත් තැන් තැන් වල සීතල යුද්ධයක්..පිරිස එක්කහු කරනවලු..ලියුම් හදනවා..අත්සන් ගහනවා..එක එක වැඩ යන බව තමයි පේන්නෙ…පැල බෙදනවා..ගස් හිටවනවා..බුදු පිලිම සෝදනවා..පන්සල් තීන්ත ගානවා.ටවුන් සුද්ද කරනවා..
වියත් සෙට් එකක් පාර්ලිමේන්තුවට එන එක නම් හොඳයි.නමුත් ඔවුන්ට දේශපාලනික දැනුමක් පරිචයක් නැත්නම් සත පහකට වැඩක් නැ වියත්කම විතරක් තිබිලා.වියත් මගෙනුත් නියෝජනයක් තියේවි කියලා පිරිසක් ඒකටත් ලෑස්ති වෙනවා…විවිධ වැඩ පිලිවෙලවල් ඒ සඳහා ක්‍රියාත්මක වෙනවා…
මේ ලියන්නෙත් පහල තියන පින්තූරය දැක්කම ලියන්න හිතුන හින්දා..මිත්‍රවරුනි පහුගිය දවස් වල තමන් භාරකාරත්වය දරන දේවාලේ පාඨලිට සෙත් පතල පූජා පවත්වපුව දන්නෙ නැති..පහුගිය අවුරුද්දෙ චන්දෙට කලින් තමන්ගේ පේජ් වල සජිත්ගෙ වීඩියෝ ශෙයා කරපු ඒත් පොහොට්ටුවෙන් නොමිනේෂන් ගන්න මාරම උත්සහයක් ගන්න කන්ද උඩරට වියතෙක්…
බලන්න මිත්‍රවරුනි එතුමා කරන කැප කිරිම නොමිනේෂන් ගන්න…තමන්ම ඕර්ගනයිස් කරපු ටවුම සුද්ද කිරිල්ලට ඔෆිස් ඇඳුමෙන්…ඇත්තටම හිතලා බලන්න මනුස්සයෙක් හදවතින් දෙයක් කරනවනම් ඒ කරන වැඩේට අනුගත වෙනවා නේද?මෙතැන මොකක්ද වෙන්නෙ…හිතල බලන්න…
තැනට සුදුසු ඇඳුමකින් එන්න බැරි වියත්කම මක්කටැයි කියලයි අහන්න තියෙන්නෙ…ඉතින් මේ වගේ මිනිස්සුන්ට නාමයෝජනා දෙන්න කලින් අමාරුවෙන් හදපු පක්ෂය බිල්ලට දෙනවද කියල හිතන එකයි වැදගත්..නුවර මිනිස්සු බුද්ධිමත්..මේ වගේ අයට නොමිනේෂන් කෙහොමහරි ගත්තත් තමන්ගෙ වටින මනාපය පහුගිය කාලේ කට්ට කාපු දරදිය ඇදපු මනුස්සයෙකුට දුන්නොත් නේද වටින්නෙ…හිතන්නකො මේ එයාගේ වසන්තය උදෙසා මිසක අපේ වසන්තයක් උදෙසා නෙවෙන වග..
සමන් බණ්ඩාර හුලංගමුව
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...