විදේශ පුවත්

පසුගියදා අමෙරිකානු ගුවන් ප්‍රහාර හේතුවෙන් ලිබියා-සිරියා දේශ සීමාවේ ක්‍රියාත්මක වූ ඉරානයේ ආධාර උපකාර ලබන කතයිබ් හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයන් 25දෙනෙකු මිය යාමට එරෙහිව විරෝධය පාමින් ඉරාකයේ බැග්ඩෑඩ් නුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයට පහර දීම සම්බන්ධයෙන් අමෙරිකාව ඉරානයට තර්ජනය කරමින් කියා සිටියේ වන්දි ගෙවීමට සූදානම් විය යුතු බවයි.

අමෙරිකාවේ එම හැසිරීමට ප්‍රතිචාර දක්වමින් ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා කුමෙයිනි දක්වා තිබූ ප්‍රතිචාර වලට අමතරව ඉරානයේ ඉස්ලාම් විප්ලවීය ආරක්ෂක බළ ඇණියේ අණ දෙන නිලධාරී බ්‍රිගේඩියර් ජෙනරල් හොස්නි සලාමි ඊයේ(02) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පවසා සිටියේ ” අප ඉරානය යුද්දයකට ඇද ගෙන යාමට කටයුතු කරන්නේ නැහැ. නමුත් අපි ඉරානයට එරෙහි කිසිදු යුද්දයකට බිය වන්නේ නැහැ.එනිසා අපි අමෙරිකාවට පවසන්නේ ඉරාන ජාතිය සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කරන විට මීට වඩා පරිස්සම් වන ලෙසයි. අපට අමෙරිකාව පහසුවෙන් පරාජය කිරීමේ හැකියාව තිබෙනවා එසේම අපි අමෙරිකාව පරාජය කිරීමට පසුබට වන්නෙත් නැහැ.” යනුවෙනි.

කතයිබ් හිස්බුල්ලා සංවිධානයේ අනුගාමිකයෝ දින දෙකක් තිස්සේ බැග්ඩෑඩ් නුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේ හරිත කලාපයට ඇතුලුවී ගල්මුල් ප්‍රහාර එල්ල කරමින් කළහකාරී ලෙස හැසිරුනහ. අමෙරිකාවට එරෙහි මානසික යුද උපක්‍රමයක් ලෙස ඔවුන් එසේ කටයුතු කළ අතර පෙරේදා(01) ඔවුන් පසු බැසීමට තීරණය කළහ. ඉරාක රජයේ නිහඬ ප්‍රතිපත්තියට එරෙහිව ඔවුහු මෙසේ හැසිරුනු අතර දින දෙකක් පුරාවට ක්‍රියාත්මක කළ කළහකාරී හැසිරීම් තානාපති භූමියේ කාර්යාල පිහිටි ප්‍රදේශය දක්වා පැතිරවීමට කටයුතු නොකළහ.
කෙසේ වුවද අමෙරිකාව අතිරේක බල ඇණි තානාපති කාර්යාල පරිශ්‍රයට කැඳවීමට කටයුතු කළේය.

ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com


(ඉරානයේ ඉස්ලාම් විප්ලවීය ආරක්ෂක බළ ඇණියේ අණ දෙන නිලධාරී බ්‍රිගේඩියර් ජෙනරල් හොස්නි සලාමි)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More