විදේශ පුවත්

තායිවාන රාජ්‍යයේ ගුවන් හමුදාපති මෙන්ම මාණ්ඩලික හමුදා ප්‍රධානී තනතුර දරණ ජෙනරාල් ෂෙන් යයී මින්ග් මහතා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා අනතුරකින් අතුරුදහන් වී ඇති බව වාර්තා වේ.
පසුගිය බ්‍රහස්පතින්දා ඔහු ගමන් කළ  UH-60M  බ්ලැක් හෝක් වර්ගයේ හෙලිකොප්ටර යානය තායිවානයේ උතුරු ප්‍රදේශයේදී  අනතුර සිදුවන අවස්ථාවේ  පුද්ගලයන් 13දෙනෙකු යානයේ සිට ඇති අතර යානය හදිසි ගොඩබෑමකට උත්සහා දැරීමේදී අනතුර සිදුවූ බව තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
අනතුර සිදූවීමට බලපෑ අවාසනාවන්ත සිදුවීම පිළිබඳ කිසිදු සඳහනක් කිරීමට තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය කටයුතු නොකළද වයඹදිග තායිවානයේ යිලාන් කවුන්ටි ප්‍රදේශයේ මෙහෙයුමකට සහභාගි වී සිටි බව පමණක් සඳහන් කරනු ලැබීය.
තායිවානය ජනවාරි 11 වන දින නව ජනාධිපතිවරයෙකු සහ උප ජනාධිපතිවරෙයෙකු පත් කිරීමට නියමිත මැතිවරණය පැවැත්වීම මුවවිටම පැමිණ තිබියදී සිදුවූ අනතුර එරට දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්ව තිබේ.
දේශපාලන විශ්ලේශකයන්ගේ විග්‍රහයට අනුව වත්මන් තායිවාන ජනාධිපති ත්සායි ඉන්ග් වෙන් මහතා එළඹෙන මහ මැතිවරණයෙන් නැවත ජනාධිපති වීමට බලා සිටියදී මෙවැනි අනතුරක් සිදුවීම ඔහුගේ ජයග්‍රහනයට අතිශය හානිකර බවයි.

චීනය, තායිවාන දිවයින පාලනය කරනු ලබන්නේ “එක රටක්, ක්‍රම දෙකක්” යන සංකල්පයට වන අතර තායිවාන ජනාධිපතිවරයා එම සංකල්පය ප්‍රතික්ෂේප කරනු ලැබුවේ තායිවානයේ උන්නතිය වෙනුවෙන් “කිසිසේත් සාධනීය” නොවන බව ප්‍රකාශ කරමිනි.තායිවාන පාර්ලිමේන්තුව චීනයේ බලපෑම නවතා දැමීම පිණිස බෙයිජිං විරෝධීන්ගේ සහයෝගයෙන් “විනිවිද භාවය විරෝධී පනත” සම්මත කරනු ලැබුවේ ඉතාම මෑතකදී වීමද විශේෂත්වයකි.

ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More