ව්‍යාපාරික පුවත්

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව ඉකුත් වසරේදී (2019) රුපියල් කෝටි 74කට අධික ආදායමක් දෙස් විදෙස් සංචාරකයන්ට ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමෙන් උපයා ඇත. පින්නවල අලි සංරක්ෂණාගාරය, පින්නවල සත්වෝද්‍යානය, දෙහිවල ජාතික සත්වෝද්‍යානය සහ හම්බන්තොට සෆාරි උද්‍යානය නැරඹීමට පැමිණි දෙස් විදෙස් සංචාරකයන්ට ප්‍රවේශපත්‍ර නිකුත් කර මෙලෙස උපයා ඇති ආදායම රුපියල් මිලියන 742.43කි.

පින්නවල අලි සංරක්ෂණාගාරය නැරඹීමට පැමිණි සංචාරකයන්ගෙන් රුපියල් මිලියන 486.98ක ආදායමක් උපයා ඇත.

පින්නවල අලි සංරක්ෂණාගාරය නැරඹීමට ඉකුත් වසරේදී (2019) දේශීය සංචාරකයන් හාරලක්ෂ අසූහතර දහස් දෙසිය හැට අටක්ද (484268)ද, විදේශ සංචාරකයන් එක්ලක්ෂ අනූඅටදහස් තුන්සිය අනූනවයක්ද (198399)ද පැමිණ ඇතැයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි. පින්නවල සත්වෝද්‍යානය උපයා ඇති ආදායම රුපියල් මිලියන 34.86කි.

පින්නවල සත්වෝද්‍යානය නැරඹීමට ඉකුත් වසර පුරා දේශීය සංචාරකයන් දෙලක්ෂ අනූතුන්දහස් හයසිය පනස් අටක්ද (293658) විදේශීය සංචාරකයින් තුන්දහස් තුන්සිය හතළිස් පහක්ද (3345) පැමිණ තිබේ.

දෙහිවල ජාතික සත්වෝද්‍යානය පසුගිය වසරේදී උපයා තිබෙන ආදායම රුපියල් මිලියන 151.9කි. දෙහිවල ජාතික සත්වෝද්‍යානය නැරඹීමට පැමිණ ඇති දේශීය සංචාරකයන් සංඛ්‍යාව එකළොස් ලක්ෂ දොළොස්දහස් දෙසිය විසිහතකි (1,11,2227). විදෙස් සංචාරකයන් විසිතුන්දහස් නවසිය පනස් තුනක්ද (23,953) පැමිණ ඇතැයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. හම්බන්තොට සෆාරි උද්‍යානය ඉකුත් වසරේදී (2019) නොවැම්බර් මාසය දක්වා කාලයේ උපයා තිබෙන ආදායම රුපියල් මිලියන 68.69කි.

එම උද්‍යානය නැරඹීමට දේශීය සංචාරකයන් දෙලක්ෂ හැටදහස් හත්සිය හැටපහක්ද (2,60,765)ක්ද, විදේශීය සංචාරකයන් අටසිය දහතුනක් (813) ක්ද පැමිණ ඇතැයි පැවැසේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More