විදේශ පුවත්

හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයන් 25 දෙනෙකුගේ ජිවිත බිලි ගනිමින් අමෙරිකානු ගුවන් හමුදාව විසින් එල්ල කළ ගුවන් ප්‍රහාර වලට විරෝධය පාමින් ඉරාකයේ බැග්ඩෑඩ් නුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයට කඩා වැදුනු විරෝධතාකරුවන්ගේ ප්‍රහාර හේතුවෙන් අහිමිවු අමෙරිකානු ජීවිත වලට සහ අමෙරිකානු ජීවිත වලට වන්දි ගෙවීමට අමෙරිකාවට සිදුවේ යැයි ඩොනල්ඩ් ට්‍රම්ප් කළ තර්ජනයට එරෙහිව එරට අධ්‍යාත්මික නායක අයතුල්ලා කොමෙයිනි ප්‍රතිචාර දක්වා තිබේ.

උන්වහන්සේ පවසා සිටින්නේ “මෙවැනි තර්ජන මෙතෙක් අවසන් වී ඇත්තේ කිසිවක් සිදු නොවීමෙන්” යනුවෙනි.
එහිදී වැඩිදුරටත් ප්‍රතිචාර දක්වමින් උන්වහන්සේ පවසා සිටියේ ඉරාන දේශ සීමාව වටා පිහිටි රටවල් අස්තාවර කිරීමට මැදිහත් උනු සෑම විටම අමෙරිකාව ඉරානයට එරෙහිව මෙවැනි කටමැත දෙඩවීම් කළ බවයි.

ISIS සංවිධානය විනාශ කිරිම නිසා අමෙරිකානු උපාය මාර්ග වල සිදුවූ අවුල් සහගත තත්වයට මෙවැනි නිහීන ප්‍රකාශ කරනු ලබන බවත් ඉරාන රජයත් ඉරාන ජනතාවත් පෞද්ගලීකව තමාත් අමෙරිකානු ජනාධිපතිගේ දුෂ්ට ප්‍රකාශ අවඥාවෙන් යුතුව බැහැර කරන බවත් ප්‍රකාශ කරයි.

ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More