විදේශ පුවත්

මුස්ලිම් ජනයා බහුතරයක් වාසයකරන ඉන්දියාවේ අසල්වැසි රටවල් තුනක් වන පාකිස්තානය, බංග්ලාදේශ් හා ඇෆ්ඝනිස්තානයේ සිට පැමිණි මුස්ලිම් නොවන සංක්‍රමණිකයන්ට ඉන්දියාවේ පුරවැසිභාවය ලබාගැනීමට හඳුන්වාදුන් නව පනතට එරෙහිව පැනනැගුණු විරෝධතා උත්සන්නව ඇත.

විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයෝ ද 15 වැනිදා නවදිල්ලි අගනුවර සංවිධානය කළ උද්ඝෝෂණ අවස්ථාවේ පොලිසිය සමඟ හටගත් ගැටුමෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ පොලිස් නිලධාරීන් ඇතුළු 60 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇත.
ආණ්ඩුව විසින් පොලිසිය යොදවා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නාන කාමර සහ පුස්තකාලයේදී පවා පහර දෙමින් ශිෂ්ය‍යන්ට එරෙහි මර්දනයක් දියත්කර ඇත. දිල්ලි පොලිසිය පවසන්නේ පොලිස් නිලධාරීන් “උපරිම ඉවසීමෙන් කටයුතු කළ” බවය. මේ අතර ඉන්දිය අගවුනිසුරුවරයා පවසා ඇත්තේ ශිෂ්‍යයන්ට නීතිය අතට ගන්නට ඉඩදිය නොහැකි බවය. උද්ඝෝෂණ අතරවාරයේ බස් රථ තුනකට සහ යතුරු පැදිවලට ගිනි තබා තිබුණි. ඉන්පසුව එම ශිෂ්‍ය මර්දනයද සම්බන්ධ කරගෙන රටපුරාම මෙම නීති සංශෝධනයට එරෙහිව ශිෂ්‍ය විරෝධතා පැතිර ගියේය.

භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුවේ තර්කය වී තිබෙන්නේ ආගමික හේතූන් මත පීඩාවට පත් ජනතාව ඉන්දියාවට සංක්‍රමණයවන බැවින් ඔවුන්ට සහන සැලසීම නව නීතියේ අරමුණ බවය. එසේ වුවද නව නීතිය, මුස්ලිම් ජනතාව කොන් කිරීමේ ආණ්ඩුවේ ප්‍රතිපත්තියේ කොටසක් බව විවේචකයෝ පවසති. එබැවින් එමගින් ඉන්දීය ව්‍යවස්ථාවේ අනාගමික තත්වය උල්ලංඝනය වන බවද ඔවුන්ගේ මතය වී තිබේ.

දෙසැම්බර් 12 දින විරෝධතා ආරම්භ වූයේ ඊසාන දිග ඉන්දීය ඇසෑම් ප්‍රාන්තයෙනි. පසුව උතුරු සහ නැගෙනහිර ඉන්දීය අනෙක් ප්‍රාන්තවලට ද පැතිර ගිය උද්ඝෝෂණ හේතුවෙන් මේ වනවිට 6 දෙනෙකු මරුමුවට පත්වී තිබේ. අසල්වැසි බංග්ලාදේශයේ සිට පැමිණෙන මුස්ලිම් නොවන සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව සිය ප්‍රදේශයේ දැනට වෙසෙන ජනතාවට වඩා ඉහළ යා හැකි බවට ඇසෑම් ජනතාව බිය පළ කරති. ඔවුන් සිය රැකියා සහ ඉඩම් අත්පත් කරගෙන සිය සංස්කෘතිය සහ අනන්‍යතාව පවා වෙනස් කරනු ඇති බව ඇසෑම් වැසියන්ගේ තර්කය වී තිබේ.

එබැවින් ඇසෑම් ප්‍රාන්තයේ උද්ඝෝෂණවලට හේතුව ඉන්දියාවේ අනෙක් පළාත්වල මෙන් නව නීතිය මගින් ව්‍යවස්ථාවේ අනාගමික ස්වභාවය වෙනස්වීම සම්බන්ධයෙන් විරෝධය දැක්වීමක් නොවේ. එම විරෝධතා ඇවිල ගොස් තිබෙන්නේ අසල්වැසි රාජ්‍යයෙන් ජනයා සංක්‍රමණයවීමෙන් මුහුණ දෙන සමාජ ආර්ථික ගැටලු සම්බන්ධව හටගත් බිය නිසාය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More