විදේශ පුවත්

අමෙරිකානු හමුදා විසින් ඉරාකයේ සමහර ප්‍රදේශ ආශ්‍රිතව ක්‍රියාත්මක හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කරගනිමින් කරනු ලැබූ ගුවන් ප්‍රහාර වලට විරෝධයපාමින් දහස් ගනන් ඉරාක වැසියෝ ඉරාකයේ බැග්ඩෑඩ් නුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය වැටලූහ.

ඇසෝසියේටඩ් පුවත් සේවයට අනුව තානාපති කාර්යාල පරිශ්‍රයේ ගෙඋයනට කඩා වැදුනු විරෝධතාකරුවෝ ආරක්ෂක කැමරා කඩා දමමින් කාර්යාලයේ වීදුරු ජනේල වලට පහර දෙමින් කළහකාරී ලෙස හැසිරෙති.හිස්බුල්ලා සංවිධානයේ ධජ අතැතිව “අමෙරිකාව අපයාට පල”, “අමෙරිකාවට මරණය”, “ඊශ්‍රාලයට මරණය” වැනි වදන් පවසමින් තානාපති කාර්යාල පරිශ්‍රය දෙවනත් කරමින් සිටින වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදාහැර තිබේ.

රාජ්‍යතාන්ත්‍රික කටයුතුවල නියතු අමෙරිකානු නිළධාරීන්ගේ කාර්යාල ආරක්ෂා කරණ අමෙරිකානු සෙබලු විරෝධතාකරුවන් බියවැද්දීම පිණිස ග්‍රෙනේඩ් ප්‍රහාර එල්ල කර බවද විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඉරාකයේ අමෙරිකානු නියෝජිත මැතිව් එච් ටියුලර් මහතා තානාපති කාර්යාල පරිශ්‍රයෙන් පලා ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා ප්‍රකාශ කර සිටී.
ඉරාක ජනයා මෙතරම් කළහකාරී ලෙස හැසිරීමට පටන් ගත්තේ ඉරාකයේ ස්ථානගතවී සිටින අමෙරිකානු හමුදා ඉරාකයේ සහ සිරියාවේ හිස්බුල්ලා සංවිධානයේ කඳවුරු වලට පහර දී හිස්බුල්ලා සාමාජිකයන් 25ස් දෙනෙකු මරා දැමීම නිසාය.ඉරාක අගමැති අඩෙල් අබ්දුල් මහාදි මහතා සහ ටෙහෙරාන් පාලනය අමෙරිකානු ගුවන් ප්‍රහාර දැඩි ලෙස විවේචනය කළහ.

ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More