විදේශ පුවත්

උතුරු කොරියානු නායක කිම් ජෝන් උන් මහතා පියෝන්ග් පාලනයට උපදෙස් දෙමින් පවසා ඇත්තේ අමෙරිකාව සමඟ න්‍යෂ්ටික අවිහරණ සාකච්ඡා දැනටමත් කඩා කප්පල් වී ඇති බැවින් සහ අමෙරිකාවට ලබා දී ඇති විකල්ප ක්‍රියාමාර්ග වලට යාමට දී තිබූ කාලය අදින්(31) අවසන් වන බැවින් ආරක්ෂාව තර කිරීමට කටයුතු කරන ලෙසයි.

කිම් ජෝන් උන් මහතා එරට පාලක පක්ෂය වන කම්කරු පක්ෂයේ(Workers’ Party) ඉහළ නිළධාරීන් සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකදී පවසා ඇත්තේ විදෙස් සම්බන්ධතා ශක්තිමත් කර ගැනීමටත් මිලිටරි යාන්ත්‍රණයේ ශක්තිය ඉහළ නැංවීමටත් යුද අවි නිෂ්පාදන කර්මාන්තයේ කටයුතු ඉහළ නැංවීමටත් කටයුතු කළ යුතු බවයි.
එරට රාජ්‍ය මාධ්‍ය වන KCNA පුවත් සේවය වෙත සම්මුඛ සාකච්ඡාවක් දෙමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ ” රටේ ආරක්ෂාව සහ ස්වෛරීත්වය තහවුරු කිරීම වෙනුවෙන් ධනාත්මක මෙන්ම ප්‍රහාරාත්මක ක්‍රියාමාර්ග වලට වහ වහා අවතීර්ණය විය යුතුයි” යනුවෙනි.

අමෙරිකාව සමඟ උතුරු කොරියාව, උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි සීමා කිරීම සම්බන්ධයෙන් වූ සාකච්ඡා පසුගිය කාලය තුළ ඇන හිට තිබුනු අතර පියොන්ග් පාලනය විසින් වොෂින්ටන් පාලනයේ දැඩි කොන්දේසි වෙනුවට ලිහිල් ක්‍රියාමාර්ග වලට අවතීරනය වීමට යෝජනා කෙරුනි. ඒ අතර අමෙරිකාව පියොන්ග් පාලනයට ඉදිරිපත් කර තිබූ, සම්බාධක සම්පූර්නයෙන්ම ඉවත් කිරීමට නම් පූර්ණ න්‍යෂ්ටික අවිහරණ වැඩපිළිවෙලකට යා යුතු යැයි කරනු ලැබූ යෝජනාව පියොන්ග් පාලනය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනු ලැබීය.

ඒ අතර පියොන්ග් පාලනය පවසා සිටියේ සාකච්ඡා බිඳ වැටෙන්නේ නම් උතුරු කොරියාව වෙනත් ක්‍රියා මාර්ග වලට අවතීර්න වීමට ඉඩ ඇති බවයි.
දෙරට අතර සාකච්ඡා නැවතීම සම්බන්ධයෙන් පියොන්ග් පාලනය වොෂින්ටන් පාලනයට අනතුරු හඟවමින් පවසා සිටියේ අමෙරිකාවට උතුරු කොරියාවෙන් නත්තල් තෑගගක් ලැබීමට නියමිත බවයි. ඒ අනුව උතුරු කොරියාව පසුගිය සති කිහිපය පුරාම මිසයිල අත්හදා බැලීම් කිහිපයක්ම සිදුකිරීමට කටයුතු කළේය.

මේ අතර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට උතුරු කොරියාවේ ආර්ථික සම්බාධක සම්බන්ධයෙන් වන චීන රුසියානු විකල්ප යෝජනා පිළිබඳව සාකච්ඡා කිරීමට ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයින් ඊයේ(30) නිළ නොවන මට්ටමින් රැස්වූ බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබුනි. පසුගියදා සයිබර් අපරාද වැලැක්වීම පිණිස රුසියාව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ යෝජනාවක් වැඩි ඡන්දයෙන් සම්මත කිරීමට කටයුතු කළේ අමෙරිකාවේ සහ අමෙරිකානු හිතවාදී රටවල දැඩි බාධාකිරීම් මාධ්‍යයේ වීමද විශේෂත්වයකි.

ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com

උතුරු කොරියානු කම්කරු පක්ෂයේ(Workers’ Party) 7වන මහා සම්මේලනයේ දී මධ්‍යම කමිටු සාමාජිකයන්ගේ සහභාගීත්වය 29.12.2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More