විදේශ පුවත්

එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයට රුසියාව ඉදිරිපත් කළ සයිබර් අපරාධ වැලැක්වීම සඳහා සමස්ත ලෝකය පුරා විසිරී සිටින විශේෂඥයන්ට එක්ව කටයුතු කිරීම පහසු කරවන යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ.
යෝජනාව කෙටුම්පත් කිරීම සඳහා රටවල් 47ක නියෝජිතයෝ සහභාගී වූ බව වාර්තා වේ.

රටවල් 193ක් නියෝජනය කරනු ලබන එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනය තුලදී රටවල් 79ක් රුසියාව ඉදිරිපත් කළ යෝජනාවට පක්ෂවූ අතර රටවල් 60ක් යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කලහ.තවද රටවල් 33ක නියෝජිතයෝ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටියහ.

රුසියාව ඉදිරිපත් කළ යෝජනාවෙන්, සන්නිවේදන සහ තොරතුරු තාක්ෂනය අපරාධ කටයුතු සඳහා යොදාගැනීම වැලැක්වීම පිණිස ජාත්‍යන්තර සම්මුතියක් සකස් කිරීමට ලෝකය පුරා විසිරී සිටින සියලු ජාතීන්ට අයත් විශේෂඥයන්ගෙන් සැදුම්ලත් කමිටුවක් ගොඩනැගීමට අවශ්‍ය ජාත්‍යන්තර අවකාශය නිර්මානය වූ බව විද්වතුන්ගේ මතයයි.
කමිටුව 2020 අගෝස්තු මාසයේදී සිය මංගල රැස්වීම සිදුකිරීමට නියමිත බව එක්සත් ජාතීන්ගේ සම්මේලනයේ රුසියානු නියෝජ්‍ය නියෝජිතවරයා මාධ්‍යට දන්වා සිටියේය.

ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More