ව්‍යාපාරික පුවත්

මෙරට බැංකු අංශයේ නියාමකයා වන ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවා ඇති ණය අනුපාතික නියාමනයන්ට අනුකූල නොවීම හේතුවෙන්, මෙරට ප්‍රධාන පෙළේ වාණිජ බැංකු 3ක් වෙත දඩ නියම කිරීම හෝ සම්බාධක පැනවීම සිදුකරනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මෙලෙස මහ බැංකුවේ දඬුවම් ක්‍රියාමාර්ග ගැනීමට ලක් වී ඇත්තේ රාජ්‍ය බැංකුවක් සහ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත වාණිජ බැංකු දෙකකි.

පසුගිය සිකුරාදා (27) පැවති මාධ්‍ය හමුවක දී මේ බව සඳහන් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේ, 2019 දෙසැම්බර් මාසය අවසාන වන විට මෙම බැංකු විසින් පදනම් අංක 50කින් තවදුරටත් ණය අනුපාතික අඩු කළ යුතුව තිබුණ ද ඒ සඳහා පියවර නොගැනීම හේතුවෙන් එළඹෙන සතිය තුළ දී මෙම ක්‍රියාමාර්ගය ගැනීමට මහ බැංකුව පියවර ගනු ඇති බවයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙසේ කියා සිටියේය.

“අපි නිකුත් කරන ලද මාර්ගෝපදේශවලට අනුව මෙම දෙසැම්බර් මාසය අවසාන වන විට බැංකු විසින් ප්‍රමුඛ ණය අනුපාතික පදනම් අංක 250 කින් පහළ ගෙන ආ යුතුයි. ඒ වගේම බරිත සාමාන්‍ය ණය අනුපාතිකය 2020 මාර්තු අවසාන වන විට තවත් පදනම් අංක 250 කින් පහළට ගෙන ආ යුතුයි. දැන් අපි මේ වසරේ පරීක්ෂණ දිනය වෙත ඇවිල්ලා ඉන්නවා.“

“පදනම් අංක අනුව මාර්ගෝපදේශවලට අනුකූල වී නැති බැංකු කිහිපයක් සිටිනවා. අපි ලබන සතියේ සිට මෙම බැංකුවලට දණ්ඩන හෝ සම්බාධක පැනවීම සිදුකරන්න කටයුතු කරනවා. බැංකුවලට දෙන ලද මෙම මාර්ගෝපදේශ ඔවුන් අනුගමනය කළ යුතුයි. මෙම මාර්ගෝපදේශ සමහරක් බැංකු අනුගමනය කර තිබිය දී තවත් බැංකු කිහිපයක් අනුගමනය නොකිරීම සාධාරණ නැහැ.“

“මේ අවුරුද්ද අවසන් වන විට තවත් පදනම් අංක 50 කින් ණය අනුපාතික පහළට ගෙන ආ යුතු බැංකු 7ක් තිබෙනවා. මේවා අතර විශාල බැංකු 3 ක් සිටිනවා. ඔවුන් මේ වසර අවසන් වීමට ප්‍රථම පදනම් අංක 50කට වඩා වැඩි අගයකින් ණය අනුපාතික පහළ ගෙන ආ යුතුයි. එසේ නොමැති වුවහොත් මුදල් මණ්ඩලයේ සාකච්ඡා වූ පරිදි ඇතැම් ක්‍රියාමාර්ගවලට මුහුණ දීමට ඔවුන්ට සිදුවේවි. මෙතන කුඩා පරිමාණයේ බැංකු කිහිපයක් තිබෙනවා. නමුත් සමස්ත බලපෑම සිදුවෙලා තිබෙන්නේ විශාල බැංකු නිසා. ඔවුන් අනිවාර්යයෙන් අප විසින් නිකුත් කරන ලෙද මාර්ගෝපදේශ සමඟ මේ අවුරුද්ද අවසන් වීමට පෙර, ඒ වගේම 2020 මාර්තු අවසන් වීමට පෙර අනුකූල විය යුතුයි.“



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More