පුරවැසි කොලම

1962 කතෝලික කුමන්ත්‍රණය මැඩපැවැත්වීමෙන් වසර 3 කට පසුව එතෙක් පැවති සිරිමාවෝ ආණ්ඩුව පරදා ඩඩ්ලි සේනානායකගේ එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන කොටගත් ආණ්ඩුව බලයට පත්වෙනවා.ඉතිහාසයේ පටන්ම එක්සත් ජාතික පක්ෂය බලයට ආ විට ඔවුන් හට මුලින්ම වැලදෙන සුපුරුදු රෝගයක් වන සහජීවන අමාරුව මේ ආණ්ඩුවටත් අඩු නැතුව ආරම්භයේදීම ඇති වෙනවා.

එහි ප්‍රතිඵලයක් ලෙසට සිරිමාවෝ ආණ්ඩුවෙන් සිදුකල දේශීයත්වයට මුල් තැන දුන් ප්‍රතිපත්ති දෙස වපරැසින් බලමින් ඔවුන් ඔවුන්ගේ සුපුරුදු සිංහල බෞද්ධ පදනම දුර්වල කිරීමේ ක්‍රියාමාර්ගය ආරම්භ කරනවා.එහි මූලික කාර්‍ය ලෙසින් සිදුවන්නේ තමන් හට බලයට පත්වීමට දැඩි ලෙස ආධාර වුනු මිෂනාරී සමාගම් සැනසීම උදෙසා සදහා සහ කතෝලික කුමන්ත්‍රණය තුල ඔවුන් ලද අපකීර්තිය තනුක කිරීම සදහා තවත් එවැනි හමුදා කුමන්ත්‍රණයක් ඩඩ්ලිගේ ආණ්ඩුව පෙරලීම උදෙසාද හමුදාවන් තුලින් පැණ නැග ඇති බව සදහන් කරමින් හමුදාවන්හී සිටින ප්‍රමුඛ පෙලේ බෞද්ධ නිලධාරීන් සහ විපක්ෂයේ දේශපාලන ක්‍රියාකාරීන් පිරිසකට එරෙහිව චෝදනා ගොනුකිරීමයි.

මේ හේතුව නිසාවෙන් මේජර් ජනරාල් රිචඩ් උඩුගම,සිරිමාවෝ රජයේ අභ්‍යන්තර කටයුතු සහ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් තනතුර දැරූ එන්.කිව්.ඩයස්,හේන්පිටගෙදර ඥානසීහ හාමුදුරුවන්,කපිතාන් සිරිසේන ඇතුලු පිරිසක් අත්අඩංගුවට පත්වෙනවා.එමෙන්ම එවකට යුධ හමුදාවේ මේජර් තනතුරේ සිටි ඩෙන්සිල් කොබ්බෑකඩුව ඇතුලු පිරිසක් අනිවාර්‍ය නිවාඩු යවනවා.මෙකී කුමන්ත්‍රණ චෝදනාව නගා අත්අඩංගුවට ගත් හේන්පිටගෙදර ඥානසීහ හාමුදුරුවන්ගේ සමීපතමයෙකු වූ දොඩම්පේ මුදලාලි නම් චරිතය රහස් පොලිස් අත්අඩංගුවේදී මිය යනවා.ඔහු සාක්ෂි ඉදිරිපත් කිරීමට මැලිවී රහස් පොලිස් ගොඩනැගිල්ලේ හතරවෙනි තට්ටුවෙන් පැන සිය දිවි නසාගත් බවට රජය පාර්ශවයෙන් ප්‍රකාශ කරනු ලැබුවත් සත්‍ය සිදුවීම වුනේ අභූත කුමන්ත්‍රණ චෝදනාවන් පිලි නොගැනීම නිසා රහස් පොලිස් නිලධාරීන් විසින් ඔහුව හතරවෙනි තට්ටුවෙන් පහලට තල්ලු කිරීමයි.එකල පොලිසියේ ශානි අබේසේකර පාට් එක රගදැක්වූ රාහුල් සිල්වා වැනි නිලධාරීන් වෙත මෙම ඝාතන චෝදනාව පසුව සෘජුව එල්ල වුනා.

කෙසේවෙතත් මෙය ජනතාවගේ අනුකම්පාව ලබාගැනීම උදෙසා බොලද පිටපතක් අනුව රගදැක්වූ නාටකයක් බවට අධිකරණය ඉදිරියේ ඔප්පුවන විට එක් ජීවිතයක්ද අකාලයේ නැතිවී අවසන්.සාක්ෂි නොමැතිවීම නිසා ඉවත්වූ මෙම අභූත කුමන්ත්‍රණ චෝදනාව යූඇන්පී ආණ්ඩුවේ ජනප්‍රියත්වය දැඩි ලෙස පහත වැටීමටත් හේතුවක් වුනා.

රිච්ඩ් උඩුගම පසුව දේශපාලනයට පිවිස 1970 මහ මැතිවරණයේදි සමගි පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත්වන අතර,1970 වසර තුලදීම අනිවාර්‍ය නිවාඩු යැවු මේජර් කොබ්බෑකඩුව ඇතුලු සියලු දෙනාම නැවත සේවයේ පිහිටවනවා.එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ බලය පිට අත්තනෝමතිකව කටයුතු කල රහස් පොලිස් පරීක්ෂක රාහුල් සිල්වා පසුකාලීනව අතිශය දුක්ඛදායී ලෙස මරණයට පත්වන්නේ මානසික රෝගීයෙකුද බවට පත්වීමෙන් පසුවයි.එමෙන්ම එක්සත් ජාතික පක්ෂයෙන් බිහිවූ යම් තරමකට හෝ ජනතාවාදී නායකයෙක් වන ඩඩ්ලි සේනානායකගේ දේශපාලන ජීවිතය අවසන් කිරීමටද මෙය අවසානයේ හේතුවක් වෙනවා.

වර්තමාන එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීත්වය තුල සිදුවන විසුලු සහගත නාඩගම් දුටුවිට අප පුදුම නොවිය යුත්තේද මෙවැනි විසුලුකාරී ඉතිහාසයක් මතම ඔවුන්ගේ පක්ෂය ගොඩනැගී ඇති බැවින්.ඔවුන් ආමන්ත්‍රණය කරන ජන කොටස ඔවුන්ගෙන් බලාපොරොත්තු වන්නේද එවැනිවූ ක්‍රියාකාරීත්වයක්ම පමණයි.රාජිත,රන්ජන්,චම්පික,සජිත්,හරීන්,සේනසිංහ වැන්නවුන් අකුරටම ඉටු කලේත් තවමත් ඉටුකරන්නේත් අනාගතයේදී ඉටු කරනු ලබන්නේත් අන්න ඒ පක්ෂයෙන් ඔවුන්ට උරුමවී ඇති ඓතිහාසික වගකීමට එහාගිය දෙයක් නොවේ.

මිගාර සමරකෝන්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More