රාජ්‍ය ලාංඡනය භාවිත කරමින් විවිධ අපචාර දූෂණ වංචා සිදුකිරීමට නොහැකි වන අයුරින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කාර්යාල සියලු නිලධාරීන්ට නව නීතිරීති පැනවීමට තීරණය කර ඇත.
ජනාධිපති කාර්යාලයේ සේවය කරන ඉතා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට පමණක් රාජ්‍ය ලාංඡනය සහිත ‘විසිටින් කාඩ්’ භාවිත කිරීමට අවස්ථාව හිමි වෙයි. ජනාධිපති කාර්යාලයේ හැඳුනුම්පත කිසිදු පෞද්ගලික කාර්යයක් සඳහා භාවිත කිරීමද තහනම් කර තිබේ.
විවිධ අපචාර, දූෂණ වංචා සිදුවීම වැළැක්වීම සඳහා ජනාධිපතිවරයා මෙම පියවර ගෙන ඇත. පසුගිය රජය සමයේ ජනාධිපති කාර්යාලයේ සිටි නිලධාරීන් හැඳුනුම්පත භාවිත කරමින් සිදු කළ දූෂණ, වංචා පිළිබඳ තොරතුරුද මේ වන විට අනාවරණය වෙමින් පවතියි.
තවද ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලය සඳහා සම්බන්ධිකරණ ලේකම්වරුන් පත් නොකිරීමටද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...