විදේශ පුවත්

ලෝකය පුරා විසිරී සිටින බැංකු කරුවන් 2015 සිට මුහුණ දෙමින් සිටින තම සේවකයන් සේවයෙන් ඉවත් කිරීමේ අර්බූදය 2020 වසරේදීද අවසන් නොවන බව නිව්යෝක් නුවර සිට ක්‍රියාත්මක මුල්‍ය සමාගම් පිළිබඳ විශ්ලේශනය කරනු ලබන බ්ලූම්බර්ග් සමාගම පවසයි.

ආර්ථික වර්ධනයේ සිදුවන පහළ යාම මෙම තත්වයට හේතුවී ඇති බව බ්ලූම්බර්ග් ආයතනය වැඩිදුරටත් පෙන්වා දෙයි. බැංකු සේවකයන්ගේ වෘත්තීය සමිති මෙන්ම වෙනත් දත්තයන් විශ්ලේෂනය කරමින් බ්ලූම්බර්ග් ආයතනය ඉදිරිපත් කරන වාර්තාවලට අනුව 78000ක බැංකු සේවකයන් ප්‍රමානයක් 2020 වර්ෂයේදී සේවයෙන් ඉවත්කිරීමට නියමිතය.2015 සිට සේවයෙන් ඉවත් කළ බැංකු සේවකයන් 91,448 හා සැසඳීමේදී මෙම ප්‍රමානය වාර්තාවන ඉහළම අගය බව එම ආයතනය පවසයි.

යුරෝපීය බැංකු සේවක කප්පාදුවේ පෙරමුණ ගෙන සිටින අතර සේවකයන් 63500 ක් සේවයෙන් නෙරපාදැමීමට නියමිතය. එය ලෝකයේ සමස්ත බැංකු සේවක කප්පාදුවෙන් 82% ක ප්‍රමානයකි.උතුරු අමෙරිකාව දෙවන ස්ථානයට පැමිණ ඇත්තේ සේවකයන් 7700ක් සේවයෙන් ඉවත් කිරීමට සැලසුම් කිරීම තුළිනි. ඉහලම මට්ටමේ ආයෝජන බැංකුවක් වන මෝර්ගන් සැටැන්ලි බැංකුව අනිකුත් මුල්‍ය සමාගම් හා එක්වෙමින් තම සේවක කප්පාදුව ආරම්භ කර ඇති අතර සේවකයන් 1500ක් සේවයෙන් නෙරපීමට කටයුතු කිරීමට නියමිතය.

නමුත් ජර්මනියේ ඩොයිෂ් බැංකුව සැලසුම් කර ඇති 2022 දක්වා කාලය තුල 18000ක සේවකයන් පිරිස ඉවත්කිරීම හා සැසඳීමේ දී එම අගය 2% ක පමණ අගයකි. බිලියන 8.3 ක් ඉතිරි කර ගැනීම වෙනුවෙන් ඩොයිෂ් බැංකුව මෙම තීරණය ගෙන ඇත.

ලෝකය පුරා මෙම වර්ෂයේදී ඉවත් කළ සේවක සංඛ්‍යාවත් සමඟ මේ වනවිට පසුගිය වසර හය පුරා සේවකයන් 425,000ක් සේවයෙන් ඉවත් කර ඇති අතර බොහෝ මුල්‍ය සමාගම් තම සේවකයන් ඉවත්කිරීමේ සැලසුම් විධිමත්ව ඉදිරිපත් නොකිරීම හේතුවෙන් මෙම අගය මීටත් වඩා ඉහළ අගයක් ගත හැකි බව බ්ලූම්බර්ග් ආයතනය පවසයි.

මේ අතර තවත් වාර්තා වලට අනුව ජූලියස් බෙයර් නම් සුවිස් බහු ජාතික බැංකුවද ස්පාඤ්ඤයේ බැන්කො බිල්බාවෝ විස්කායා බැංකුවද ආජන්ටිනාවෙ SA බැංකුවද ලබන වසරේ සිට සේවක කප්පාදුවකට පිඹුරුපත් සකසා ඇත.

ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com

(ඩොයිෂ් බැංකුවෙන් පිටවී යන සේවකයෙක්)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More