දේශීය පුවත්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනවාරි මාසයේදී චීනයේ සංචාරයක නිරත වීමට සූදානම් වෙයි. චීන ජනාධිපති ෂි ජින් පින්ගේ ආරාධනාවක් මත මෙම සංචාරය සිදුවෙයි.

චීන ණය සහ ආධාර මත මෙරට ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වෙයි. ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ජනාධිපතිවරයා සිය පළමු සංචාරය ලෙස ඉන්දියාව තෝරා ගෙන තිබිණි.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලීම මත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද ජනවාරි හෝ පෙබරවාරි මාසවලදී මෙරට සංචාරයක නිරත වීමට නියමිතය. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධුරයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණෙන ප්‍රථම රාජ්‍ය නායකයා වන්නේද ඉන්දීය අගමැති වීම විශේෂත්වයකි. ශ්‍රී ලංකාවේ නිදහස් දිනය යෙදෙන පෙබරවාරි 4 වැනිදා ඉන්දීය අගමැති මෙරට ගෙන්වා ගැනීමට ජනාධිපති කාර්යාලයේ අවධානය යොමුව ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More