දේශීය පුවත්

උතුරු නැගෙනහිර දෙමළ ප්‍රශ්නයට රජය විසින් ලබා දෙන විසඳුම කුමක්ද යන්න පිළිබඳව තමන් ඉන්දියාවේ සිට පැමිණි පසුව සාකච්ඡා කරන බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයා පවසයි.

දෙමළ ජාතික සන්ධානයේ නායකයා වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඉන්දියාවට ගිය බව ප්‍රකාශ වුවත් දෙමළ ජාතික සන්ධානයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ වර්තමානයේ දී ඇතිවී තිබෙන ගැටලු සම්බන්ධයෙන් ඉන්දීය නායකයන් කීප දෙනකු සමග කරුණු සාකච්ඡා කිරීම සඳහා සම්බන්ධන් මහතා ඉන්දියාවට ගිය බවයි.

ඉන්දියාව බලා පිටත් වීමට පෙර දෙමළ ජාතික සන්ධානයේ නායකයා දෙමළ මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කොට තිබුණේ වත්මන් රජය උතුරු නැගෙනහිර ප්‍රශ්නය අමතක කොට ක්‍රියා කරන බවයි.

නමුත් ජාත්‍යන්තරය විසින් සහ ජගත් මානව හිමිකම් මණ්ඩලය විසින් උතුරු නැගෙනහිර ප්‍රශ්නයට අදාළව ඉටු කරන ලෙස ශ්‍රී ලංකා රජයට යෝජනා කළ යෝජනා කීපයක්ම ඇති බව අමතක නොකළ යුතු බවද සම්බන්ධන් මහතා මෙහිදී පවසා තිබේ.

දෙමළ ජාතික සන්ධානය කටයුතු කරනු ලබන්නේ ප්‍රජාතාන්ත්‍රික ව්‍යුහයක් ඔස්සේ නිසා තම පක්‍ෂයට ජාත්‍යන්තරයෙන් වැඩි සැලකිල්ලක් ඇති බවත් ජාත්‍යන්තරය මේ සෑම කරුණක් දෙසම දැඩි අවධානයකින් පසුවන බවත් සම්බන්ධන් මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More