දේශීය පුවත්

බිහිසුණු අපරාධ මෙන්ම පාතාල ක‍්‍රියාකාරකම් සහ ත‍්‍රස්ත ක‍්‍රියා ඇතුළු මිනීමැරුම් සිද්ධීන් සම්බන්ධ ලිපිගොනු 10000 කට වඩා රහස් පොලිසියේ ගොඩගැසී ඇතත් ගත වූ වසර පහ තුළ පරීක්‍ෂණ පවත්වා ඇත්තේ හිටපු ආරක්‍ෂක ලේකම් සහ වත්මන් ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහ හිටපු ආරක්‍ෂක ප‍්‍රධානීන්ට චෝදනා එල්ල වූ සිද්ධීන් ගැන පමණක් බව අනාවරණය වී ඇත.

මෙම සිද්ධීන් සම්බන්ධව සිදු කර ඇති පරීක්‍ෂණවලට අදාළ තොරතුරු රහස් පොලිසිය හිටපු ඇමැතිවරුන් දෙදෙනකුට සතිපතා ලබාදී ඇතැයි ද හෙළි වී තිබේ.

එසේම අපරාධ සිද්ධීන්වලට සම්බන්ධ 200 ක් පමණ වූ අපරාධකරුවන් මෙරටින් පැනගොස් ඇති අතර ඔවුන් ගැන සෙවීමට ද රහස් පොලිසිය අවධානය යොමු කර නැත.

පසුගිය රජයේ හිටපු ඇමැතිවරුන් දෙදෙනාගේ උපදෙස් මත වත්මන් ජනාධිපතිවරයා සහ හිටපු හමුදා ප‍්‍රධානින් සිරගත කිරීමේ මෙහෙයුමට රහස් පොලිසිය මුල් තැන දී ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග හෙළි කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More