ව්‍යාපාරික පුවත්

සංචාරක හෝටල්වල ප්‍රමිතිය ඉහළ නැංවීම අරමුණෙන් දිවයින පුරා පිහිටි සංචාරක හෝටල් ලියාපදිංචි කිරීම අනිවාර්ය කර ඇතැයි සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියා සිටී.

මේ වන විට දිවයින පුරා පිහිටි සංචාරක හෝටල් 20,000 ක් පමණ රජයේ ලියාපදිංචි වි නැති අතර  රජයේ ලියාපදිංචි වී ඇත්තේ  හොටල් 2000 ක් පමණක් බවද සංචාරක අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ඒ අනුව ඉදිරි මාස 3 ක කාලය තුළ එම හෝටල් ලියාපදිංචි කිරීම සඳහා කඩිනම් පියවර ගන්නැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සංචාරක සංවර්ධන අධිකාරියට උපදෙස් දී තිබේ.

මෙතෙක් රජයේ ලියාපදිංචි  වී නොමැති හෝටල් ලියාපදිංචි කිරීමේ දි හෝටල්වල ප්‍රමිතිය පිළිබදව දැඩි ලෙද සැලකිලිමත් වන්නැයිද අමාත්‍යවරයා සංචාරක සංවර්ධන අධිකාරියට උපදෙස් දී ඇත.

ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව සංචාරක හෝටල් පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් හෝටල් හිමියන් දැනුවත් කිරීමට ද ඇමතිවරයා උපදෙස් දී ඇත.

සංචාරක සංවර්ධන අධිකාරිය දැනටමත් හෝටල් ලියාපදිංචි කිරිමේ කටයුතු ආරම්භ කර ඇති අතර ඒ සදහා විශේෂ නිලධාරි කණ්ඩායමක් ද යොදවා තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More