දේශීය පුවත්

ආර්ථිකය ගොඩනගමින්  අඩාල වු සංවර්ධනය යළි ඇරඹිමට කඩිනම් පියවර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනතා අපේක්ෂාවන් ඉටුවන පරදි ක්‍රියා කිරිම ජනතා නියෝජිතයින්ගේ වගකිම බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

වැඩකරන රටක් බිහිකිරිමේ අරමුණින් මහානගර සභා , නගර සභා හා  ප්‍රාදේශිය සභා ප්‍රධානින් සහ ජනාධිපතිතුමා අතර ඊයේ ( 28) පස්වරුවේ ජනාධිපති මන්දිරයේ පැවති හමුවකදි ජනාධිපතිවරයා මේ බව පැවසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා,

“කැළිකසල ඉවත් කිරිමේ සිට ආර්ථිකය නඟා සිටුවන ඉහළ තැන දක්වා අප ක්‍රියා කරන ආකාරය දෙස ජනතාව මහත් වුවමනාවෙන් බලා ඉන්නවා. දෛනික අවශ්‍යතා ඉටුකර ගැනිමේදි ජනතාව පීඩාවට පත් නොකළ යුතුයි. කාර්යක්ෂම සහ මහජන හිතෛෂි රාජ්‍ය සේවයක් සහතික කිරිම සියලුම රජයේ සේවකයින්ගේ වගකිමක්. රාජ්‍ය සේවය සෑම විටම දුෂණයෙන් තොර විය යුතුයි.

රට සංවර්ධනය මඟට යොමු කොට ආර්ථිකය ශක්තිමත්ව ගොඩනගමින් තිබියදි 2015 දි පැවති රජය පරාජයට පත්වුණා. ජනතාව එදා රජය ප්‍රතික්ෂේප කිරිමට හේතු වු සාධක අවබෝධ කර ගත යුතුය. නැත්නම් ලැබු ජයග්‍රහණයෙන් ඉදිරියට යා නොහැකියි.

කඩාවැටුණු ව්‍යපාර දිරිමත් කර ආයෝජකයින් සුරක්ෂිත කරමින් අහිමි වු රැකියා නැවත ශ්‍රම බලකායට දායක කර ගත යුතුයි. එමඟින් ආර්ථිකය ප්‍රසාරණය  කිරිමට හැකි වනු ඇත. විදේශිය ආයෝජකයින් 2015ට පෙර රට කෙරෙහි තබා තිබු විශ්වාසය නැවත ඇති කළ යුතුයි. රට  නිසි මඟට ගැනිමේ ක්‍රියාවලියේදි විද්වතුන් සහ වෘත්තිකයින්ගේ දායකත්වය ප්‍රබල ශක්තියක් වනු ඇතැයි”  ජනාධිපතිතුමා වැඩිදුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More