දේශීය පුවත්

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (එම්.සී.සී) ගිවිසුමට විරුද්ධ ආණ්ඩුවේ හවුල්කාර දේශපාලන පක්ෂ සමග වුවද සාකච්ඡා කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් යැයි එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත මහතා  පවසයි.

ජනතා විමුක්ති පෙරමුණ එම්.සී.සී ගිවිසුම අස්සන් තැබීමට විරුද්ධ යැයි ද එය කොන්දේසි විරහිතව පරාජය කළ යුතු යැයි ද ලාල්කාන්ත මහතා අවධාරණය කළේය.

එම්.සී.සී ගිවිසුම අධ්‍යයනය කිරීමට වෙනම කමිටුවක් පත්කිරීමට ආණ්ඩුව කටයුතු කිරීමෙන් පෙනීයන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජනාධිපතිවරණයට පෙර තිබූ විරෝධය ව්‍යාජ එකක් යැයි ද ලාල්කාන්ත මහතා චෝදනා කළේය. එම ගිවිසුමට කලින් තමන්ම දැක් වූ විරෝධය නිසා එය අස්සන් කිරීමට නොහැකිව ආණ්ඩුව සිරවීමකට සිටින්නේ යැයි කී හෙතෙම මෙම කමිටුව හරහා කල්මැරීමෙන් ජනතාවගේ ඇස් වසා එය අස්සන් කිරීමේ සූදානමක් පෙනෙන්නේ යැයි ද කීය.

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ද ආණ්ඩුව පෙර දැක් වූ උනන්දුවෙන් ක්‍රියා නොකරන්නේ යැයි ද ලාල්කාන්ත මහතා කීවේය.

කේ.ඩී ලාල්කාන්ත මහතා මෙසේ ද කීය.

රනිල් වික්‍රමසිංහ මැතිතුමා පීඩාවට පත්වෙන ඔහු හිරවෙන ක්‍රියාකාරිත්වයකට මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩුව යාවි කියලා හිතන්න බෑ. එනිසා රනිල්ව බේරාගැනීමේ ඉඩ තබාගනිමින් තමයි ඔය ඕනෑම එකක් වෙන්නේ. මොකද බැඳුම්කර කතාව රනිල් වික්‍රමසිංහ මහත්තයට විතරක් හේත්තුවෙච්ච එකක් නෙවෙයි. රනිල්ගෙ ආණ්ඩුවට කලින් මහින්ද රාජපක්ෂ මහත්තයලගෙ ආණ්ඩුවෙ බලධාරින්ටත් බැඳුම්කර කතාවේ අදාළකමක් තිබෙනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More